ත්‍රීවීල් - බස් එකට ගැටී හයදෙනෙක් මරු තුරුලට

ත්‍රීවීල් - බස් එකට ගැටී හයදෙනෙක් මරු තුරුලට

අම්පාර අක්කරෙයිපත්තුවේ නින්දවුර්හිදී ඊයේ (28) රාත්‍රී ත්‍රිරෝද රථයක් හා පුද්ගලික බස් රථයක් එකට ගැටීමෙන් වූ අනතුරෙන් පුද්ගලයෝ හයදෙනෙක් මරණයට පත්වූහ. තිදෙනකු එතැනම මරණයට පත්ව ඇති අතර ඉතිරි තිදෙනා රෝහල් ගතකිරීමත් සමඟම මරණයට පත්ව තිබේ.

මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක්, කුඩා දරුවන් දෙදෙනෙක් හා ත්‍රිරෝද රථ රියදුරුද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා දිනමිණට කීය.

නින්දවුර්හි තියටර් හන්දියේදී ඊයේ රාත්‍රී 8.00ට පමණ මේ අනතුර සිදුව ඇති අතර බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් කල්මුණේ රෝහලට ඇතුළත් කිරීමත් සමඟම මරණයට පත්ව තිබේ. සමන්තුරේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා