චීන ආරක්ෂක ඇමැතිවරයෙක් පළමු වරට අද ශ්‍රී ලංකාවට

චීන ආරක්ෂක ඇමැතිවරයෙක් පළමු වරට අද ශ්‍රී ලංකාවට

නිල සංචාරයක් සඳහා චීනයේ ආරක්ෂක ඇමැති ලියන් ගුවන්ග්ලි මහතා අද (29) ශ්‍රී ලංකාවට පැමිණෙයි. චීනයේ ආරක්ෂක ඇමැතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර ඒ මහතා සමඟ එරට ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිතයන් පිරිසක්ද පැමිණෙති.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලියන් ගුවන්ග්ලි මහතා මෙරට රැඳි සිටින තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ රජයේ නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

සපුගස්කන්දේ ආරක්ෂක පුහුණු විද්‍යාලය, පනාගොඩ හමුදා කඳවුර නිරීක්ෂණය කිරීමට නියමිත අතර ගාල්ල සහ හම්බන්තොට ප්‍රදේශයන්හිද සංචාරය කරයි.

චීනය විසින් ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ සුබ සාධන ව්‍යාපෘති සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 කට අධික ආධාර ලබා දී ති‍බේ. කොළඹ ආරක්ෂක පුහුණු විද්‍යාලයේ නවීකරණ කටයුතු සඳහා මෙන්ම ආරක්ෂක හමුදා සහ පොලිස් සේවාවේ සාමාජිකයන්ගේ දූ දරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් චීනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක පිරිනමා තිබේ.

චීන ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ පසුගිය ජුනි මාසයේදී හමුදාපති ජගත් ජයසූරිය මහතා චීනයේ සිදුකළ චාරිකාවේදී කළ ඇරයුමකට අනුවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා