ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිපෑඩ් විද්යුත් පියාසර මෙවලම

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිපෑඩ් විද්යුත් පියාසර මෙවලම

ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (29) සිට අයිපෑඩ් විද්යුත් පියාසර මෙවලම භාවිතා කරන ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත් වෙයි.

ග්‍රෑම් 662ක් බරැති විද්යුත් සිනිඳු ගමන් මල්ල නිසා අතිවිශාල අනිවාර්ය කඩදාසි අත්පොත් රැගෙන යාමේ බරෙන් නිදහස් වී ඇත.

ගුවන් නියමුවන්ට මින් පසු කි. ග්‍රෑ. 84ක් බරැති කඩදාසි අත්පොත් යානයෙන් යානයට ඇද ගෙන යාමේ බරෙන් නිදහස්ව පහසු විද්‍යුත්ගවේෂණය හරහා පිටු පෙරළා බැලීමේ ක්‍රියාවලියට පිවිසෙයි.

මස්කට් නුවරට ගමන් ගන්නා යු.එල්. 205 යානය, ගුවන් නියමුවන්ගේ පරිශීලනය සඳහා අවශ්‍ය මෙහෙයුම් පටිපාටි, කාර්ය සාධන සටහන් සිතියම් පියාසර උපදෙස් සන්නිවේදන හා හදිසි අවස්ථා ක්‍රි‍්‍රයා පටිපාටි අන්තරායකාරී භාණ්ඩ හා ගුවන් ගමන් සුරක්ෂිතතාව ආදී සියල්ල භාවිතා කළ හැකි 1 වැනි පන්තියේ අයි පැඩ් ඉලෙක්ට්‍රොනික් බෑගය භාවිතා කරන ප්‍රථම ගුවන් යානයයි.

අයි පෑඩ් ඉලෙක්ට්‍රොනික් ගමන් බෑගය යනු මූලිකව ගුවන් යානය තුළ හෝ කැබින් කුටිය තුළ පාවිච්චි කිරීමට නියමිත තොරතුරු දත්ත විදහා දක්වන තොරතුරු කළමනාකරණ උපකරණයකි.

කඩදාසි භාවිතයෙන් නිදහස්ව ක්‍රියාකිරීමේ දැක්ම අවබෝධ කර ගෙන හා ආසියාවේ අයිපෑඩ් ඉලෙක්ටෙ‍්‍රානික් ගමන් බෑගය භාවිතා කරන ප්‍රථම ගුවන් සේවය බවට පත් වෙමින් “ශ්‍රී ලංකන්” ආසියාවේ ගුවන් යානා කුටියෙහි විප්ලවීය වෙනසක් කර ඇතැයි ශ්‍රීලංකන් හි සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ - 340, ඒ - 330 සහ ඒ - 320 එයාර්බස් යානාවල ෆොකර් අයි පෑඩ් 2 වැනි පන්තිය භාවිතා කරමින් ‘අංකන’ පියාසැරිය ආරම්භ කරන ප්‍රථම පාරිභෝගික ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවය වනු ඇත.  මෙම ක්‍රියාවලියෙන් ඇතිවන සක්‍රීය ප්‍රතිඵලය වන්නේ පියාසර ක්‍රියාවලිය වඩාත් පහසු වඩාත් කාර්යක්ෂම හා නිවැරැදි එකක් වීමත් ගුවන් සේවය පැත්තෙන් බලන කල එහි සැබෑ ප්‍රතිඵලය වන්නේ රුපියල් කෝටි ගණන් ඉතිරි කර ගැනීමට හැකි වීමත් බව ශ්‍රී ලංකන් හි ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කීය.

පරිහරණය නිසා ගුවන් යානයේ බර අඩුවනවා පමණක් නොව නියමු කුටියේ කඩදාසි ගොඩගැසීම ද අඩුවනු ඇත. එසේම වඩාත් නිවැරැදි ගමනාරම්භය හා ගොඩබැසීම බර හා තුල්‍යතාව නිවැරැදිව සමතුලනය කිරීම යානය තුළ ක්‍රියාකාරීත්වය හරියාකාරව ගණන් බැලීම තුළින් ආරක්ෂාව වැඩිදියුණු ඛ්ලම ‘තථ්‍ය’ ක්‍රියාකාරීත්වය ගණන් බැලීම් තුළින් ගුවන් යානයේ ලාබදායක භාරය ගණන් බැලීමේ හැකියාව ගුවන් මාර්ග පිළිබඳව තීරණ ගැනීම වඩා ඵලදායිව සිදු කිරීම සහ කෙටියෙන් දක්වතොත් සමස්ත ක්‍රියාවලිය ම හේතු කොට ගෙන ගුවන් යානා එන්ජිමේ ආයු කාලය ඉතිරි කර ගැනීම ද සිදු වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා