ඉන්දියා රජයට ඩොලර් කෝටි සිය ගණනක පාඩු වී යැයි කියන චෝදනාව අගමැති ප්‍රතික්ෂේප කරයි

ඉන්දියා රජයට ඩොලර් කෝටි සිය ගණනක පාඩු වී
යැයි කියන චෝදනාව අගමැති ප්‍රතික්ෂේප කරයි

පෞද්ගලික සමාගම්වලට ගල් අඟුරු කැණීමේ අයිතිය පැවැරීම

පෞද්ගලික සමාගම්වලට ගල් අඟුරු කැණීම් අයිතිය පැවැරිමෙන් රජයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බවට විගණකාධිපති වාර්තාවෙන් එල්ලවී ඇති චෝදනාව ඉන්දිය අගමැති මන්මෝහන්සිං පෙරේදා ප්‍රතික්ෂෙප කළේය.

දැනටමත් සිය දෙවන ධුර කාලයේ දී දූෂණ‍චෝදනා හා ප්‍රතිපත්ති අඩාලවිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අගමැතිවරයාට මේ අලුත්ම චෝදනාව නිසා ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ හා පහළ මන්ත්‍රිමණ්ඩල දෙකේම විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කෙරී ඇත.

'අසම්මත ක්‍රියාකාරිත්වය පිළිබඳ චෝදනා පදනම් විරහිතයි.

මේවා සනාථ කළ හැකි කිසිම සාධකයක් නැහැ"යි අගමැතිවරයා කියා ඇති අතර මෙය දස දිනකටපෙර ඔහුට එරෙහිව නැගුනු චෝදනාවට ප්‍රතිඋත්තර දුන් පළමු අවස්ථාව ලෙස ‍සැලකේ. "මුදල් පාලක හා විගණකාධිපතිගේ නිරීක්ෂණයන් පැහැදිලිවම විවාදාත්මක"යැයිද ඔහු වැඩිදුරටත්

කියා ඇත්තේ 2004-2009 කාලයේ වැඩ බලන ගල්අඟුරු ඇමතිවරයා ව සිටියදී අනුදත් ගල්අඟුරු කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුළුමනින්ම වගකියන බව අවධාරණය කරමිනි. කෙසේවෙතත් මේ චෝදනාව අනුව අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයැයි පවසමින් විපක්ෂය දිගින් දිගටම නගන විරෝධතාව නිසා පාර්ලිමේන්තු කටයුතුද අඩාල වී ඇත.

පෙරේදා අගමැතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට ගත් උත්සාහයට පවා ඉඩක් නොලැබුනු අතර පාර්ලිමේන්තුවෙන් පිටතදී ඔහු කියාසිටියේ මේ නිරර්ථක විරෝධය නවත්වා අදාල වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාද කරන ලෙසය.ඒඅනුව කවරකු සත්‍ය පවසන්නේදැයි ජනතාව තීරණය කරනු ඇති බවද ඔහු කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා