කියුරියෝසිටි රෝවරයෙන් අඟහරුගේ විස්මිත ජායාරූප

කියුරියෝසිටි රෝවරයෙන් අඟහරුගේ විස්මිත ජායාරූප

නාසා ආයතනයේ කියුරියෝසිටි රෝචරය ඊයේ තවත් විශ්මය එලවන සුළු ජායා රූප කිහිපයක් පෘථිවියට එවා ඇතැයි වාර්තාවේ. මේ අතර මුල්ම හඬ පණිවුඩයද වූ බව සඳහන් වේ.

රතු ග්‍රහයා මත ජීවින් සිටියාද සහ ජලය තිබේද යන්න පිළිබඳව චිරාත් කාලයක් තුළ මිනිසා තුළ කුතුහලයක් තිබූ බවත් මීට ඉහත අවස්ථාවලදී අසාර්ථක වූ අඟහරු ගමන් ඇමෙරිකාවේ කියුරියෝසිටි යානයට සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමට හැකිවූ බවත් එම හඬ පටයේ සඳහන්ව ඇත.

පසුගිය සතියේ මෙලොවින් සමු ගත් නීල් ආම්ස්ට්‍රෝං සඳේ මුල්ම පා සටහන තැබූ ස්ථානයටද කියුරියෝසිටි යානය සම්බන්ධකොට ඇතැයි සඳහන් වේ. නවතම ඡායාරූපවලින් හෙළිවන තොරතුරු මත රතු ග්‍රහයා මත මිනිසුන් පා තබන දවස වැඩි ඇතක නොවනු ඇතැයි නාසා ආයතනයේ පරිපාලක චාල්ස් බෝල්ඩන් ප්‍රකාශ කරයි.

පෘථිවයෙන් ඔබ්බේ ඇති ග්‍රහ ලෝක තරණය කිරීමේ තවත් ඓතිහාසික ඉදිරි පියවරක් කියුරියෝසිටි රෝචරය සනිටුහන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. නවතම ජායාරූප වල ගේල් ආවාටයේ ෂාප් කදුවැටිය ඇතුළු භුවිෂමතාව දක්නට ඇති බව සඳහන් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා