දුම්බර වතුයායේ පවුල් 86 කට සනීපාරක්‍ෂක පහසුකම් ප්‍රමාණවත් නෑ

ලයින් කාමර අබලන්:
පානීය ජලය අපිරිසිදුයි

(2012-09-12 10:55) මූලික අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව ඉංගිරිය, දුම්බර වතුයායේ නො. 02 කොටසේ සේවකයෝ දුෂ්කරතා විඳිති.

විස්තර»

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ වේයන්ගොඩ දී

(2012-09-12 10:35) රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය -2012 මේ මස 30වැනි දින පස්වරු 2ට වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

විස්තර»


ත්‍රස්තවා­දය පරා­ජය කිරී­මේදී දෙබිඩි ප්‍රති­පත්ති අනු­ග­ම­නය නො කළ යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 අ‍ගෝස්තු 30 ටෙහෙරාන‍යේ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


රට ගැන බොරු පතුරවන්නේ භීෂණයට
සහාය දෙන අයයි

වසර 81ක් තිස්සේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්තවාදය
රැක ගත්තා

ප්‍රතිසංධානය මඟින් රට නැංවීම රජයේ අරමුණයි

ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව ශ්‍රී ලංකාව ලෝකයටම පෙන්නුවා

පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සමුළුව අමතමින් ජනපති කියයි

ත්‍රස්තවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සටනේදී, ත්‍රස්තවාදය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බව ලෝකයට පෙන්වා දීමට ශ්‍රී ලංකාවට හැකි වුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ප්‍රතිසංධානය තුළින් රට නැවත ගොඩනැගීම රජයේ අරමුණ වුවත් ඇතැම් රටවල් තහවුරු කළ නොහැකි තොරතුරු මඟින් අප රට පිළිබඳ අයහපත් හැඟීමක් ඇති කර ගනිමින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විස්තර»

කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේ
අද සවස ඉන්දියාවට

කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඊයේ (11) පෙ.ව. 9.00ට කොළඹ ගංඟාරාම විහාරස්ථානයේ සිට කැලණිය රජමහා විහාරස්ථානයට වැඩම කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සර්වඥ ධාතුන් වහන්සේ හිස මත තබා වැඩමවා ගෙන පැමිණ කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් වෙත බාර දීමෙන් අනතුරුව, උන්වහන්සේ විසින් ධාතුන් වහන්සේ විහාරස්ථ ධර්ම ශාලාවේ විශේෂයෙන් සකසා තිබූ කුටියක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරන ලදී. මේ අවස්ථාවට ඇමති මර්වින් සිල්වා මහතා ද සහභාගි විය.

විස්තර»

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට
ශ්‍රී ලංකාවේ සහාය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ස්වාධීනත්වය ආරක්ෂාකර ගනිමින් ව්‍යවස්ථානුගත යෝජනාවන් සපුරා ගැනීමට දරන ප්‍රයත්නයේදී පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.අරමුදල් රැස්කිරීම හා කාර්ය මණ්ඩල පත්කිරීමේදී විනිවිදභාවය ඉහළ නංවමින් ඵලදායි ක්‍රියාවක නිරත වන්නැයි අනෙකුත් රටවලින් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකාව ඒ තුළින් ආයතනයේ විශ්වාසීභාවය, කාර්යක්ෂමතාවය හා ස්වාධීනත්වය ප්‍රවර්ධනය වන බවද කියාසිටී.

විස්තර»

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සම්මේලනයේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹේ

මුළු ලොවෙහිම අවධානය ලක්මව දෙසට ඇදබැඳ ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සම්මේලනයේ සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් “නෙළුම් පොකුණ” මහින්ද රාජපක්ෂ රඟහලේ දී ඊයේ (11) උත්කරෂවත් අයුරින් පැවැත්විණි.“අනාගතයට ඔබින පොදු රාජ්‍ය මණ්ඩලයක් සහතික කිරීම ”මෙවර සමුළුවේ තේමාවයි. ආසියා, අප්‍රිකා, ඕස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය, කැනඩා, කැරිබියන් සහ  ආසියා, පැසිපික් රටවල නියෝජිතයන් 800කට අධික පිරිසක් මේ සමුළුවට සහභාගි වූහ.

විස්තර»

 කැලණිය ‍රජමහා විහාරස්ථානයට වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේට නාමල් රාජපක්ෂ, ඇමැති මර්වින් සිල්වා හා ජනාධිපති අතිරේක ලේකම් ගාමිණි සෙනරත් මහත්වරු වන්දනමාන කළ අයුරු.
ඡායරූප සුදත් මලවීර

පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමෙන්තු සංගමයේ 58වැනි සැසි වාරයේ සමාරම්භක උලෙළ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දි ඊයේ උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් උත්සව ශාලාවට
කැදවා ගෙන ආ අයුරුයිමේ.
ජායාරුපය-සුදත් සිල්වා

 

වර්ජන‍යයි තර්ජනයයි පෙන්වති දබරැඟිල්ල
රටට පෙනේ ජේවීපී බෙර පදයට නැටිල්ල
වටහාගනු මැ‍න දරුවනි ඔබ පද්දන ‍ තොටිල්ල
හපා කන්න හොඳ නෑනෙ කිරි අම්මගෙ බු‍රුල්ල

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast