එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ සහාය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ සහාය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ස්වාධීනත්වය ආරක්ෂාකර ගනිමින් ව්‍යවස්ථානුගත යෝජනාවන් සපුරා ගැනීමට දරන ප්‍රයත්නයේදී පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

අරමුදල් රැස්කිරීම හා කාර්ය මණ්ඩල පත්කිරීමේදී විනිවිදභාවය ඉහළ නංවමින් ඵලදායි ක්‍රියාවක නිරත වන්නැයි අනෙකුත් රටවලින් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකාව ඒ තුළින් ආයතනයේ විශ්වාසීභාවය, කාර්යක්ෂමතාවය හා ස්වාධීනත්වය ප්‍රවර්ධනය වන බවද කියාසිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 21 වැනි සැසිවාරය අමතමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා මේ බව ප්‍රකාශකර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව මේ වන විටත් පියවර රැසක් ගෙන ඇති බව පෙන්වාදී තිබෙන රවිනාථ ආරියසිංහ මහතා පොදු සම්මුතීන්වල අඩංගු නියමයන් මුළුමණින්ම සපුරා ගැනීමේ ප්‍රයත්නයේදී ව්‍යවස්ථානුගත යෝජනාවන් සපුරා ගැනීම වැදගත් බවද සඳහන්කර තිබේ.

ජගත් මානව හිමිකම් කවුන්සලයේ විධිවිධානයන්ට අනුව කඩිනම් හා විමසිලිමත්භාවය පිළිබඳ ක්‍රියාදාමයන් දිරිගන්වන බව පවසා ඇති ශ්‍රී ලංකා තානාපතිවරයා ඒ සමඟම වෘත්තිමය හා අපක්ෂපාතී ඇඟයීම් මඟින් එහි විශ්වාසී බව තහවුරු කරගන්නට සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශකර ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නැවත පදිංචි කිරීමේ කටයුතු සාර්ථකව සිදුකර ඇති අතර ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය පියවර ගෙන ඇති බවද පසුගියදා පැවති පළාත් පාලන ඡන්ද විමසීම තුළින් ඒ බව තහවුරු වී තිබෙන බවද රවිනාථ ආරියසිංහ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තුළින් ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකි බවද හෙතෙම අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 21 වැනි සැසිවාරය ලබන 28 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා