පක්ෂ සම්මේලනයටවත් නොගිහින් ඡන්ද සටන මෙහෙයවූ සජිත් එජාප පරාජයේ වගකීම බාරගත යුතුයි

පක්ෂ සම්මේලනයටවත් නොගිහින් ඡන්ද සටන මෙහෙයවූ සජිත් එජාප පරාජයේ වගකීම බාරගත යුතුයි

- ඇමැති එස්.බී. දිසානායක

රනිල් පමණක් නොව පක්ෂ සම්මේලනයට පවා නොගොස් ඡන්ද සටන මෙහෙයවූ සජිත් ද මේ මැතිවරණයේදී එජාපය ලද අන්ත පරාජයේ වගකීම බාරගත යුතු බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.

ආණ්ඩුවට පාඩමක් උගන්වන්නට මැතිවරණයක් එනතුරු බලාසිටි විපක්ෂයට ජනතාව කදිම පාඩමක් උගන්වමින් ඔවුන් කානු පල්ලට ඇද දමා ඇතැයිද ඒ මහතා කීය.

උඩුනුවර උඩුගම්පිටිය පුරාණ විහාරස්ථානයේ පැවැති උත්සවයකදී ඇමැති එස්.බී. දිසානායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.එකිනෙකා විවේචනය කැර ගනිමින් කණ්ඩායම් කිහිපයකට බෙදී සිටින පක්ෂයට බලය දෙන්න තරම් මෙරට ජනතාව මෝඩ නොමැති බවද හෙතෙම කීය.

දෙමළ ඩයස් පෝරාව සමඟ එක්ව මෙරට ඇතැම් පක්ෂ විවිධ කුමන්ත්‍රණ දියත්කැරමින් ජනපතිතුමන් ප්‍රමුඛ රජය අපහසුතාවට පත්කරන්නට කටයුතු කළත් ජනතාව තුළ ජනපතිතුමන් කෙරෙහි පවතින විශ්වාසය මැතිවරණ ප්‍රතිඵල වලින් තහවුරුවූ බවද ඒ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා