|
||||
දුම්බර වතුයායේ පවුල් 86 කට සනීපාරක්‍ෂක පහසුකම් ප්‍රමාණවත් නෑලයින් කාමර අබලන්: පානීය ජලය අපිරිසිදුයි
(2012-09-12 10:55)
මූලික අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව ඉංගිරිය, දුම්බර වතුයායේ නො. 02 කොටසේ සේවකයෝ
දුෂ්කරතා විඳිති. අදාළ බලධාරීන්ට පැමිණිලි කළද තත්ත්වයේ වෙනසක් නැති බව සේවකයෝ
අවධාරණය කරති.
පානීය ජලය ලබාගැනීමද මොවුන්ට ගැටලුවකි. ටැංකිය නිසි පරිදි ඉදිනොකිරීමත් කැඩුණු
නළවලින් ජලය ඉවතට යාමත් මෙම තත්ත්වයට බලපා තිබේ. අබලන් ජලනළවලට ෂොපින් කවර ඔතා
තිබේ. ටැංකියට ආවරණයක් නැති නිසා සතුන්ගෙන් අපවිත්‍ර වන ජලය පානය කිරීමට සිදු වී
ඇති බව සේවකයෝ කියති.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |