මුද්‍රණය සඳහා

 
ව්‍යාජ වීසාවලින් රට යන්න හැදූ සැකකරුට ඇප නියම වෙයි

ව්‍යාජ වීසාවලින් රට යන්න හැදූ සැකකරුට ඇප නියම වෙයි

සැකකරු යාපනය මනිපායී පදිංචිකරුවෙක්

ව‍යාජ ඉතාලි වීසාවක් ඇතුළත් කළ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ඉතාලියට යන්නට ගිය ගුවන් මගියකු රුපියල් 15000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපමත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එච්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

යාපනයේ මනිපායීහි පදිංචි යෝගනාදන් නරේන්ද්‍රන් නමැත්තා මෙසේ ඇප මත මුදා හැරිණි.

කටුනායක ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය. නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]