වයඹ පළාත් සභාවට නව යෝජනා රැසක්

වයඹ පළාත් සභාවට නව යෝජනා රැසක්

මව් රටට විදේශීය විනිමය ගෙන දෙන වයඹ පළාතේ තරුණ තරුණියන්ට විදේශීය රැකියා පිළිබඳ හරියාකාර වැටහීමක් නොමැතිකමින් සම්පූර්ණ ප්‍රතිඵල නෙළා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබීම නිසා විදේශීය රැකියාවල යෙදීමේ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කළ යුතු යැයි කියවෙන යෝජනාවක් මේ මස 18 දින පැවැත්වෙන වයඹ පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මහජන නියෝජිතයින් විසින් සිදු කරන අපචාර ක්‍රියා සම්බන්ධයෙන් ආචාර ධර්ම පිළිබඳ පුහුණුවක් ලබාදිය යුතු යැයි සඳහන් යෝජනාවක් ද විශ්වවිද්‍යාලය හා උසස් අධ්‍යාපනය සඳහා මහපොළ ශිෂ්‍යත්ව ලබාගැනීමේදී වයඹ තරුණ තරුණියන්ට සිදුවෙන අසාධාරණය සැලකිල්ලට ගනිමින් සාධාරණ පියවරක් ගත යුතු යැයි කියවෙන යෝජනාවක් ද මෙදින සභාවට ඉදිරිපත් කරයි.

සමාජ සුබසාධන පළාත් ඇමැති ගුණදාස දෙහිගම මහතා විසින් මධ්‍යම රජයෙන් කරන ඉල්ලීමක් අනුව වයඹට පවතින දැඩි නියඟය නිසා දිළිඳු පවුල් සඳහා කඩිනම් සහනාධාරයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටීමේ යෝජනාවක් ද න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඇත.

ප්‍රධාන ඇමැතිවරයාගෙන් ඇසීම සඳහා ප්‍රශ්න 81ක් ද න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබීම වයඹ පළාත් සභාවේ ඉතිහාසගත සිද්ධියක් බැව් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා