සන්ධාන ප්‍රසාද මන්ත්‍රී නම් ඡන්ද කොමසාරිස් අතට

සන්ධාන ප්‍රසාද මන්ත්‍රී නම් ඡන්ද කොමසාරිස් අතට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද මන්ත්‍රී නාමලේඛනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇත.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආනන්ද මිල්ලංගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නමින්ද අනුරප්‍රිය, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සුසිල් ගුණරත්න, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජයන්ත මාරසිංහ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් තුරෙයි නවරත්නරාජා, අම්පාර දිස්ත්‍රික්කයෙන් ටී. එම්. ජයසේන යන මහත්වරු ප්‍රසාද මන්ත්‍රීවරුන් ලෙස නම්කර මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාර දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා