චීන ජාතික මහජන පක්ෂ ස්ථාවර කමිටු සභාපති ශ්‍රී ලංකාවේ සංචාරයක

චීන ජාතික මහජන පක්ෂ ස්ථාවර කමිටු සභාපති ශ්‍රී ලංකාවේ සංචාරයක

චීනයේ ජාතික මහජන පක්ෂ ස්ථාවර කමිටුවේ සභාපති සහ එම පක්ෂයේ මහ ලේකම් වූ බැන්ගුඕ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඒ මහතා චීනයේ රාජ්‍ය අමුත්තන් හා දේශපාලන පක්ෂ නායකයන් අතර දෙවැනි පෙළේ සාමාජිකයකු බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතික මහජන පක්ෂ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධාන කර තිබෙන අතර මෙරට රැඳී සිටින කාලය තුළ ඒ මහතා ඇතුළු චීන දූත කණ්ඩායම නිදහස් චතුරස්‍රය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, දකුණු කොළඹ කන්ටේනර් අංගණය සහ රණවිරු ස්මාරකය දැක බලා ගැනීමට නියමිත බවද එම තානාපති කාර්යාලය කියයි. මේ අතර ශ්‍රී ලංකාවට සහ චීනයට වැදගත් වන ආර්ථික, සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් වන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද ඒ මහතා බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් මෙන්ම දේශපාලන පක්ෂ නායකයන් සමඟ ද හෙතෙම සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී ද්වීපාර්ශ්වික මෙන්ම කලාපීය වැදගත්කමකින් යුතු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා