‘සංස්කෘතික පැතිකඩ’ ග්‍රන්ථය එළිදැක්වීම ඉංගිරියේ දී

‘සංස්කෘතික පැතිකඩ’ ග්‍රන්ථය එළිදැක්වීම ඉංගිරියේ දී

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික වටිනාකමක් ඇති ආගමික ස්ථාන ආදියේ තොරතුරු ඇතුළත් කර සකසන ලද “සංස්කෘතික පැතිකඩ” ග්‍රන්ථය එළි දැක්වීම පසුගියදා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

ඉංගිරිය ප්‍රාදේ්ශීය ලේකම් කාර්යාලය නව ස්්ථානයක ස්්ථාපිත කර වසර දොළහක් සපිරීමේ උළෙලට සමගාමීව සිදු කරනු ලැබූ මෙම කටයුත්තේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යහපාලනය සහ යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා සහභාගි විය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, හොරණ ප්‍රාදේ්ශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනත් විපුලජීව යන මහත්වරු ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා