මුද්‍රණය සඳහා

 
ජංගම සත්ව පාලන සායන

ජංගම සත්ව පාලන සායන

දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ජංගම සත්ව පාලන සායන 6ක් පැවැත්වීමට දොඩන්ගොඩ පශු වෛද්‍ය කාර්යාලය කටයුතු යොදා තිබේ.

එහි පශු වෛද්‍ය නිලධාරිණිය සහ සත්ව සංවර්ධන උපදේශකවරුන් ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මේ ජංගම සත්ව පාලන සායන සඳහා එම වසම්හි කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් ද දායකත්වය ලබා දෙනු ඇත.

මෙහිදී රෝග නිවාරණ එන්නත් ලබාදීම යටතේ කුර හා මුඛ රෝගය සඳහා එන්නත් ලබාදීම, ගව වසංගත රෝග සඳහා එන්නත් ලබාදීම, සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම, ගැබ් පරීක්‍ෂා කිරීම සහ සත්ව පාලන ගැටලු සඳහා විසඳුම් ලබාදීම සිදු කෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]