මුද්‍රණය සඳහා

 
සමස්ත ලංකා පාසල් හොකී අද සිට මාතලේ දී

සමස්ත ලංකා පාසල් හොකී අද සිට මාතලේ දී

සමස්ත ලංකා අවුරුදු 19න් පහළ පාසල් හොකී තරගාවලිය අද(15) සිට අනිද්දා (17) දක්වා මාත‍ලේ දී පැවැත්වේ.

අද ආරම්භ වන මුලික වටයේ තරග මාතලේ එඩ්වඩ් සහ බර්නාඩ් අලුවිහාරේ යන ක්‍රීඩාංගණවලදී හා අවසන් වටයේ තරග නන්දමිත්‍ර ඒකනායක අන්තර් ජාතික කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

පළාත් මට්ටමෙන් තෝරාගත් කණ්ඩායම් අතර මුල් වරට පැවැත්වෙන තරගාවලියට විවිධ පළාත් නියෝජනය කරමින් බාලක කණ්ඩායම් 17ක් හා බාලිකා කණ්ඩායම් 15ක් එක්වේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද.එස්.යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]