මහවැලි ක්‍රීඩා උලෙළ අද ඇරැඹේ

මහවැලි ක්‍රීඩා උලෙළ අද ඇරැඹේ

මහවැලි අධිකාරිය සංවිධානය කරන 26 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ අද (15) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මහවැලි කළාපයට අයත් කළාප 10 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000ක් පමණ සහභාගී වන තරගාවලියේ මූලික වටයේ කේවල හා කණ්ඩායම් තරග රැසක් දැනටමත් පවත්වා ඇති අතර අවසන් වටයේ තරග හා පාපැදි තරග පැවැත්වීමට නියමිතව ඇත.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී.ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන ක්‍රීඩා උලෙළ දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා උලෙළේ සමාප්තිය හා ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත ප්‍රදානය අනිද්දා (16) ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී.ඒකනායක, කථානයක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගීත්වයෙන් සිදුකෙ‍රේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා