මඩකළපුවේ හර්තාල්

(2012-09-21. 14:45) ඉස්ලාමික ආගමික නායක මුහම්මද් නබිතුමාට අපකීර්තියක් ඇතිකරන ආකාරයෙන් අමෙරිකානු රජය පළකර ඇති චිත්‍රපටියට විරෝධය දක්වමින් මඩකළපුව දිස්ත්‍රික්කයේ සියලුම මුස්ලිම් ප්‍රදේශවල අද සම්පූර්ණ හර්තාල් ව්‍යාපාරයක් දියත් කළේය.

විස්තර»

සියලු සුවිශේෂ සේවා වැටුප් වැඩි කරන්න

සුවිශේෂ සේවා ඉටු කරන සියලුම නිලධාරින්ගේ වැටුප සුවිශේෂ ස්ථානයක පිහිටුවිය යුතු බවත් එක් වෘත්තියකට පමණක් විශේෂත්වයක් දැක්වීමට රජය කටයුතු කළොත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ‍සංගමය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව පවසයි.

විස්තර»

 


ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අරුත හා සංකල්ප සමඟ අපි බැඳී සිටිය යුතු වෙමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 සැප්තැම්බර් 11 කොළඹ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කළ 25ක් අරන් රැකවල්ලු 50ක් එති

පිරිමි 21-කාන්තාවෝ 4යි එක්කෙනාට දෙන්නයි

විසි පස් දෙනාගෙන්ම සී.අයි.ඩිය ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට දැන් තර්ජනයක් නෑ

බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතා රැඳී සිටියදී පිටුවහල් කරනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ 50 දෙනකු මෙරටට පැමිණ තිබේ. බ්‍රිතාන්‍යයේ රැකවල් පතා සිටි ශ්‍රී ලාංකික සරණාගතයන් හැටක පමණ පිරිසක් පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර තිබූ අතර එම පිරිසෙන් මෙරටට පැමිණ ඇත්තේ 25 දෙනෙක් පමණි.

විස්තර»

මිලියන සියයක් වන්දි ඉල්ලූ

‘ලංකා ඊ නිවුස්’ ට එරෙහි ලේක්හවුස් නඩුව දෙසැ.12

ද්වේශ සහගත අසත්‍ය ප්‍රවෘත්තියක් පළකිරීමෙන් සිදු වූ අගතියට රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම “ලංකා ඊ නිවුස්” වෙබ් අඩවියට විරුද්ධව පැවරූ නඩුව දෙසැම්බර් 12 දින විභාගයට ගන්නා බව කොළඹ දිසා අධිකරණය ඊයේ (20) දන්වා සිටියේ ය. මේ නඩුව ඊයේ (20) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවූ අතර නඩු විභාගයට වෙනත් දිනයක් නියම කරන ලෙසට දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

විස්තර»

විශිෂ්ට තරුණ සම්මාන ප්‍රදානෝත්සවය

සමාජ, ආර්ථික, දේශාපලනික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක තරුණ පිරිස් කළ සේවය ඇගයෙන විශිෂ්ට තරුණ සම්මාන ප්‍රදානෝත්සවය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පෙරේදා (19) පැවැත්විණි. ජේසීඅයි ශ්‍රී ලංකා ආයතනය 32වැනි වරට සංවිධාන කළ මේ උලළේ දී යෝෂිත රාජපක්ෂ මහතා තමන්ට හිමිවූ සම්මානය ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතින් ලබා ගනී. ඡායා - චමින්ද හිත්තැටිය

ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා සවිමත් කරමින් ජනපතිවරු හමුවෙති

ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි මහතා අතර හමුව ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි. අතීතයේ පටන් පැවති ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් අයුරින් පවත්වාගෙන යාම දෙරටේම නායකයන්ගේ යුතුකම සහ වගකීම බව ද මෙහිදී ඉන්දීය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විස්තර»

දිවි නැඟුම පනත පළාත් සභා අනුමතයට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගනිමින් දිවිනැඟුම පනත පළාත් සභා අනුමතය සඳහා යොමු කිරීමට රජය සූදානම් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. දිවි නැඟුම පනත පළාත් සභා වෙත යොමු නොකළහොත් එය නීතියක් නොවන බවට තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීමෙන් අනතුවරු රජය මේ පියවර ගත් බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

විස්තර»

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා ඊයේ (20) හමුවූ අවස්ථාව. ඡායාරූපය නලීන් හේවාපතිරණ

 

 

සරසවිවල අන්තර් ජාතික මහසිසු බල මඩුල්ල
දෙස්පාලන අතකොළු වී රැවටී ගෙන යති කැරැල්ල
‍ෙම් විදියට අරගලවල යෙදුනම ගුරු සිසු දෙගොල්ල
ගඟට කැපූ ඉනි වාගෙයි මවුපිය අරමුණු සියල්ල

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast