දරුවන්ගේ අනාගතය ගැන සිතා උත්තර පත්‍ර ඇගැයීමට එන්න

දරුවන්ගේ අනාගතය ගැන සිතා උත්තර පත්‍ර ඇගැයීමට එන්න

විභාග කොමසාරිස් සරසවි ඇඳුරන්ගෙන් ඉල්ලයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ ඉතා සුරක්ෂිතව ඇති බවත් දරුවන්ගේ අනාගතය ගැන සිතා ඒවා ඇඟයීම්වලට පැමිණෙන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. ජී. එම්. පුෂ්පකුමාර මහතා සරසවි ඇඳුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

විභාග පිළිතුරු පත්‍ර විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ ස්ථානයක තබා ඇති බැවින් දරුවන් හෝ මවුපියන් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නොමැති බව ද පුෂ්පකුමාර මහතා පෙන්වා දෙයි.

පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාද වීම තුළින් ළමයින් සරසවි වලට ඇතුළත් කිරීම ප්‍රමාද වනවා මෙන්ම විශේෂ කුසලතා දක්වන සිසු දරුවන්ට විදේශ ශිෂ්‍යත්ව ලැබීම ද ප්‍රමාද වන බව කොමසාරිස්වරයා අවධාරණය කරයි.

සරසවි ඇඳුරන්ට පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා පැමිණෙන ලෙස තමන් අවස්ථා කිහිපයක දීම ඉල්ලා සිටි බව ද පුෂ්පකුමාර මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා