රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට සේවා ව්‍යවස්ථාවක්

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට සේවා ව්‍යවස්ථාවක්

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කර ඇතැයි විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණික ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.

ඒ අනුව නිශ්චිත තනතුරු, උසස්වීම් පටිපාටියක්, නිශ්චිත වැටුප් තලයක්, ස්ථානමාරු ක්‍රමවේදයක් සකස්කර තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.

මීට අමතරව උපාධිධාරීන් සඳහා රාජ්‍ය ආයතනවල රැකියා පුරප්පාඩු 42,637ක් හඳුනාගෙන තිබෙන බවද රංජිත් සියඹලාපිටිය මහතා අනාවරණය කළේය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ වසර මැද මුල්‍ය වාර්තා පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා