සියලු සුවිශේෂ සේවා වැටුප් වැඩි කරන්න

එක් වෘත්තියකට පමණක් විශේෂත්වයක් එපා

සියලු සුවිශේෂ සේවා වැටුප් වැඩි කරන්න

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ‍සංගමය

සුවිශේෂ සේවා ඉටු කරන සියලුම නිලධාරින්ගේ වැටුප සුවිශේෂ ස්ථානයක පිහිටුවිය යුතු බවත් එක් වෘත්තියකට පමණක් විශේෂත්වයක් දැක්වීමට රජය කටයුතු කළොත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ‍සංගමය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව පවසයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ගේ සේවාව සුවිශේෂ සේවාවක් ලෙස සලකා වැටුප් හා වරප්‍රසාද වැඩි කරන ලෙස රජ‍යට කරන බලපෑම අසාධාරණ බව ද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රකාශ කරයි. රජයේ වෛද්‍ය නිලධාරි‍න්ගේ සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (20) පැවැසුවේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීමක් සිදු කරන්නේ නම් එය 2006 වසරේ වැටුප් ප්‍රතිපත්තිය අනුව සිදුවිය යුතු යැයි ද හෙතෙම පෙන්වාදෙයි.

යම් හේතුවකින් එක් වෘත්තිය සේවාවකට පමණක් විශේෂත්වයක් දැක්වීමට රජය කටයුතු කරන්නේ නම් රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳ කිසියම් අවිනිශ්චිතතාවකට පත්වීමට සිදු වන බවද ඔහු ප්‍රකාශ කරයි.

මේ තත්ත්වය නිසා වෘත්තීය ක්‍රියාමාර්ග හටගෙන රාජ්‍ය අංශය පිරිහීමකට ද ලක් විය හැකි බව සංගමය අවධාරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා