මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්




 

අද දින අභාවයන් පිළිබඳ දැන්වීම් ලැබී නොමැත

ධර්මදාස ත්‍රිමාන්න (විශ්‍රාමික ඉසිපතන විදුහල) දයා ත්‍රිමාන්න (ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, පුණ්‍යා, දේවිකා දර්ශනී, අරුණ මල්රාජ්, නාමලී රේණුකා යන අයගේ දයාබර පියාණන් වූද, වාසුල රණසිංහ, දයානන්ද කොහොඹන්ගේ, දුලානි අබේකෝන් සහ නාමල් ගෝමස් ගේ මාමණ්ඩිය වූද, ධර්මදාස ත්‍රිමාන්න මහතා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු සැප්තැම්බර් 22 වෙනි සෙනසුරාදා ගල්කිස්ස ආදාහනාගාරයේදී සවස 5.00 ට සිදුකරනු ලැබේ. දේහය අංක 32ඒ, දහම් මාවත, කල්දෙමුල්ල, මොරටුව නිවසින් සවස 4.00 පිටත් වේ. 245607

ඛේමා විජයවර්ධන මැතිනිය- නැසීගිය හරිදත්ත විජයවර්ධන මහතාගේ පි‍්‍රය භාර්යාව වූද, නැසීගිය ධර්මසේන දාබරේ මහතාගේ සොහොයුරිය වූද නෙලුම්, නැසීගිය ඉන්ද්‍රා සහ හේමන්ත (වරාය අධිකාරිය) ගේ ආදරණීය මෑණියන් වූද, කුඩලිගම (විශාඛා විද්‍යාලය) මහින්ද (සිවිල් ගුවන් සේවා), කුමුදිනි (කොන්කෝර්ඩ් හෝටලය) ගේ නැන්දනිය වූද, අනුෂ්ක, දිනේන්ද්‍රා, තුෂාන්, සංඛ්‍යානි ගේ ආච්චි අම්මා වූද ඛේමා විජයවර්ධන මැතිනිය අවුරුදු 80 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2012.09.22 වන සෙනසුරාදා සවස 4.00 ට ගල්කිස්ස පොදු සුසාන භූමිය කරා රැගෙන යන බව සියලු ඥාති මිත්‍රාදීන් වෙත කාරුණිකව දැනුම් දෙමි. නො. 31, දක්ෂිණාරාම පාර, ගල්කිස්ස. 245357

එ. උපාලි පෙරේරා (හිටපු වතු අධිකාරී - මිල්ලකන්ද වතුයාය), පද්මිනිගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ඩිල්ෂාන්, ක්‍රිෂාන් සහ ශෂිකාගේ දයාබර පියාණන්වූද, තිලන්ගි වාසනා සහ මාධව ගුණරත්න (ඩ්.ව්.ඕ. ඇෂුවරන්ස් පී.එල්.සී.) ගේ මාමණ්ඩිය වූද, සන්දිෂ්වරා, නදුනි, සන්ජානා, සන්දීප්, සහ සන්ජාන්ගේ ආදරණීය සීයා වූද, එ. උපාලි පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 23 වෙනි ඉරිදා සවස 4 ට පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ. සවස 3.30 දේහය නිවසින් රැගෙන යනු ලැබේ. පාසල් මාවත, අතුර, බුලත්සිංහල. 246569

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]