මතුගම දුම්ගෙයක් කඩා සොරාගත් රබර් ෂීට් අලෙවි කරද්දී කොටු

මතුගම දුම්ගෙයක් කඩා සොරාගත් රබර් ෂීට් අලෙවි කරද්දී කොටු

මතුගම සංචාරක

මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ පැලවත්ත 1 කණුව ප්‍රදේශයේ දුම්ගෙයක් කඩා සොරකම් කළ රබර් ෂීට් තොගයක් මතුගම නගරයට ගෙනවිත් අලෙවි කිරීමට සූදානම් වෙද්දී මතුගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රබර් ෂීට් තොගයේ වටිනාකම රුපියල් එක්ලක්‍ෂ දොළොස්දාහක් පමණ වේ.

මේ රබර් ෂීට් තොගය ත්‍රිරෝද රථයකින් අලෙවි කිරීමට මතුගමට ගෙනවිත් අලෙවි කිරීමට සූදානම් වෙමින් සිටියදී වෙළෙඳසල් හිමිකරුට රබර් තොගය පිළිබඳව ඇතිවූ සැකයක් මත පොලිසියට දැන්වීමෙන් පසු රබර් ෂීට් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර දුම්ගෙයි හිමිකරු මීගහතැන්න පොලිසියට සොරකම පිළිබඳව දැනුම් දී ඇත. පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාව වන විටත් සොරබඩු හා සැකකරුවන් මතුගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ සොර කල්ලිය පිටිගල උහන්ඕවිට පදිංචි පුද්ගලයන් බවත්, මෙයට පෙරත් මොවුන් සොරකම්වලට සම්බන්ධ වී ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මතුගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ටී. ලුඩවයික් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති ජේ. එච්. රාජරත්න, පොලිස් පරීක්‍ෂක එන්. සෙනෙවිරත්න, සිසිල කුමාර වීරසිංහ යන මහත්වරු වැටලීම කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා