මුද්‍රණය සඳහා

 
අන්තර් සමාජ හොකී අද සිට

අන්තර් සමාජ හොකී අද සිට

අසෝක හිඳගොඩ

මහනුවර සීතාදේවී ක්‍රීඩා සමාජය මුල්වරට සංවිධානය කරන සමස්ත ලංකා විවෘත අන්තර් ක්‍රීඩා සමාජ පිරිමි හා කාන්තා හොකී තරගාවලිය අද (21) මාතලේ නන්දිමිත්‍ර ඒකනායක අන්තර් ජාතික හොකී ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

කණ්ඩායමකට 11දෙනෙකු තරග වදිමින් පැවැත්වෙන මේ තරගාවලිය සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම අන්තර් සමාජ හොකී තරගාවලිය බව සංවිධායකයින් පවසයි.

දින තුනක් තුළ පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩා කණ්ඩායම් සහ දිවයිනේ ප්‍රබල ක්‍රීඩා කණ්ඩායම් රැසක්ද සමගින් ඉන්දියාවේ හයිද්‍රබාද් පිරිමි හොකී කණ්ඩායමක්ද එක් වීමට නියමිතව ඇත‍.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]