පිරිමි ‘සී’ කාණ්ඩයේ ශූරතාව ලේක්හවුස් පිලට

ජනසතු සේවා අන්තර් සමාජ කැරම්

පිරිමි ‘සී’ කාණ්ඩයේ ශූරතාව ලේක්හවුස් පිලට

'සී' කාණ්ඩයේ පිරිමි ශූරතාව හිමිකර ගත් ලේක්හවුස් කණ්ඩායමේ තිස්ස ධම්මික, කේ‍.නිරංජන්, අනුර කුමාර හා මධුර ප්‍රභාත්

ජනසතු‍ සේවා කැරම් සංගමය සංවිධානය කරන ලද අන්තර් සමාජ කැරම් ශූරතාවලියේ පිරිමි 'සී' කාණ්ඩයේ ශූරතා දිනා ගැනීමට ලේක්හවුස් කණ්ඩායම සමත් විය.

කාණ්ඩ තුනක් යටතේ පැවැති තරගාවලියේ 'ඒ' හා 'බී' කාණ්ඩ දෙකේ පිරිමි ශූරතාවන් හිමිකර ගැනීමට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උ‍පදේශක කාර්යාංශ සමත් වූ අතර එම කාණ්ඩ දෙකේ කාන්තා ශූරතාවන් පිළිවෙළින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථව හා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ පිරිමි අනුශූරතාවන් පි‍ළිවෙළින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දිනා ගත් අතර කාන්තා අනුශූරතාවන් පිළිවෙළින් ලංකා විදුලිබල මණ්ඩලය හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හිමිවිය.

ජනසතු‍ සේවා ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය බැංකුවල ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩකාවන් 250ක පමණ සහභාගිත්වයෙන් තරගාවලිය පසුගියදා ලංකා බැංකු මූලස්ථානයේදී පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා