ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දියුණුවට චීනයේ සහාය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දියුණුවට චීනයේ සහාය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂ්‍රේත්‍රයේ දියුණු කිරීම සඳහා චීන රජයේ ක්‍රීඩා අමාත්‍ය, චීන ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති Liu Peng මහතා ඇතුළු චීනයේ විශේෂ දූත පිරිසක් මේ මස 23වැනි දින මෙරටට පැමිණෙයි.

ක්‍රීඩා ක්ෂ්‍රේත්‍රයේදී චීනය බොහෝ ක්‍රීඩා ඉසව්වලින් පදක්කම්ලාභීත්වයෙන් හා තරගකාරිත්වයෙන් ඉදිරියෙන් සිටින අතර, චීනයේ ක්‍රීඩා දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂ්‍රේත්‍රයට සෑම අතින්ම වැදගත් වන බැවින්, ක්‍රීඩකයින් පුහුණු කිරීම, පුහුණුකරුවන්ට වැඩිදුර පුහුණුව ලබා ගැනීම, විදේශ පුහුණුකරුවන් ගෙන්වා ගැනීම, පළාත්බද ක්‍රීඩා සංකීර්ණවලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා ගැනීම මෙම නිල සංචාරයේදී චීන ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපේක්ෂා කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා