කැලණි සරසවි ඇදුරෝ වර්ජනයෙන් ඉවත් වෙති

මේ වන විට ක්‍රියාත්මක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය අතහැර එයට සහභාගි නොවී තමන් සේවයට වාර්තා කරන බවට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ 201 දෙනකු ඊයේ (21) වන විට එහි උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

විස්තර»

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු විස්සයි20 හමුව අද

අන්තර් ජාතික විස්සයි20 ක්‍රිකට් බිමේ පළමු වරට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද (22) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී එකිනෙකා හමුවෙති.

විස්තර»


අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අරුත් හා සංකල්ප සමඟ බැඳී සිටිමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 සැප්තැම්බර් 11 කොළඹ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ඉන්දු–ලංකා මිතුදම කිසි ලෙසකින්
පළුදු වීමට ඉඩ දෙන්නේ නෑ

ඉන්දියා අගමැති අවධාරණය කරයි

ඉන්දු – ලංකා ගැඹුරු මිත්‍රත්වය කිසිදු ලෙසකින් පළුදුවීමට ඉඩ නොදෙන බව ඉන්දියා අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතා අවධාරණය කරයි. ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉන්දීයා අගමැතිවරයා අතර පෙරේදා (20) පැවැති නිල සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙළේය.

විස්තර»

රජයේ අතිකාල වියදම මසකට කෝටි 50ක්

විගණන අංශ හෙළිදරව් කරයි

රාජ්‍ය සේවකයන්ගේ අතිකාල සඳහා ආණ්ඩුව මසකට රුපියල් කෝටි 25 - 50 අතර මුදලක් වියදම් කළත් එම අතිකාල සේවයෙන් අදාළ ආයතන කටයුතුවල සැලැකිය යුතු තරම් ප්‍රගතියක් නොමැති බව විගණක අංශ හෙළි කැරගෙන තිබේ.රජයේ දෙපාර්තමේන්තු, සමස්ත විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක සේවක සේවිකාවෝ රාජකාරි වේලාවෙන් අමතරව, සති අන්ත දින සහ වෙනත් නිවාඩු දිනවල අතිකාල සේවයේ යෙදෙති.

විස්තර»

වසර 2300 පුරාවතට පුනර් පූජාවක්

ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධි අංකුරයක් ජනපති ඉන්දියාවට වැඩම කරවයි

‍ෙඑතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ඉන්දියාවට වැඩම කරවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය පූජනීය සාංචි ස්තූපය අසල රෝපණය කෙළේය. සාංචි නුවර අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල් තැබීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.

විස්තර»

ජනපතිගේ ඉන්දියා සංචාරයට විරෝධය පෑ වයිකෝ ඇතුළු 1000ක් අත්අඩංගුවට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දියා සංචාරයට විරෝධය පළ කැරමින් කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් හත්සිය අසූහතර දෙනකු ඉන්දීය පොලිසිය ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර එම්. ඩී. එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ ඇතුළු දේශපාලන නායකයන් කිහිපදෙනකු සිටින බවට මෙරට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

විස්තර»

ජනපති රට බාරගෙන අදට දින 2500යි

ලොවම මවිත වන පරිද්දෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ තිර අධිෂ්ඨානය සහිතව රටේ පාලන බලය, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා භාරගෙන අදට (22) හරියටම දින 2500ක් සපිරේ.කිසි දිනෙක රණබිමේදී කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කිරීම කළ නොහැකි යැයි අප රටේ ඇතැම් දෙනා පමණක් නොව ලෝකයේ මහ...

විස්තර»

රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීනට පහරදීම

වන්නිලා ඇත්තන්–පුතුන් දෙදෙනා හා බෑණාට ලක්ෂය බැගින් ශරීර ඇප–රු: 7500 බැගින් දඩ

මාදුරුඔය ජාතික වන උද්‍යානයේ දී රාජකාරියේ යෙදී සිටි වන ජීවී නිලධාරීන් තිදෙනකුට පහරදීම සම්බන්ධයෙන් මහියංගණ මහේස්ත්‍රාත්වරයා නිකුත් කොට තිබූ නොතිසියකට අනුව නීතිඥවරයකු...

විස්තර»

චොක්ලට් එකේ බ්ලේඩ් තලය
එළියට ගත්තේ සැත්කමකින්

පාරිභෝගික අධිකාරිය නිෂ්පාදන සමාගමට
සීල් තබයි

මෙරට ප්‍රධාන පෙළේ චොක්ලට් නිෂ්පාදනය කරන සමාගමක නිෂ්පාදිත චොක්ලට් වර්ගයක බ්ලේඩ් තලයක් තිබී එය අනුභව කළ පුද්ගලයකුගේ සිරුර තුළට යෑමෙන් බරපතළ කැපීම් සහිත තුවාල ඇතිවී ම නිසා රෝහල්ගත කැර තිබේ.

විස්තර»

සාංචි බෞද්ධ සරසවියට ජනාධිපති අතින් මුල්ගල

ඉන්දියාවේ තෙදින සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) සාංචියේ ඉදි කරනු ලබන බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි විය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජනාධිපතිතුමා බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබූ අයුරුයි.

විස්තර»

 

 
බාල තරුණ මහලු මිනිස් ජීවිත බිලි දිදී
බීමත් රියදුරන් විසින් මිනී මරන ලදී
මොවුනට රජ කාලේ මෙන් නිසි දඬුවම් නොදී
රියදුරු බලපත් තහනම් කරලා නම් මදී
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast