මුද්‍රණය සඳහා

 
වන්නිලා ඇත්තන්–පුතුන් දෙදෙනා හා බෑණාට ලක්ෂය බැගින් ශරීර ඇප–රු: 7500 බැගින් දඩ

රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීනට පහරදීම

වන්නිලා ඇත්තන්–පුතුන් දෙදෙනා හා බෑණාට
ලක්ෂය බැගින් ශරීර ඇප–රු: 7500 බැගින් දඩ

මාදුරුඔය ජාතික වන උද්‍යානයේ දී රාජකාරියේ යෙදී සිටි වන ජීවී නිලධාරීන් තිදෙනකුට පහරදීම සම්බන්ධයෙන් මහියංගණ මහේස්ත්‍රාත්වරයා නිකුත් කොට තිබූ නොතිසියකට අනුව නීතිඥවරයකු මාර්ගයෙන් ඊයේ (21) අධිකරණයේ පෙනීසිටි දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නයලැඇත්තෝ හා ඔහුගේ පුතුන් දෙදෙනාට සහ බෑණාට රුපියල් ලක්ෂයක් බැගින් පුද්ගල ඇප හා මුදලින් රුපියල් 7500 බැගින් දඩ නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ලබන ඔක්තෝම්බර් මස 11 වැනි දින යළි නඩුව කැඳවීමට නියෝග කෙළේය.

නීතිවිරෝධී ලෙස ජාතික වන උද්‍යානයට ඇතුළුවීම, බලපත්‍ර රහිත ගිනි අවියක් යොදා ගනිමින් සතුන් දඩයම් කිරීම, අත්අඩංගුවේ සිටි සැකකරුවකු පැහැර ගැනීමට රාජකාරියේ යෙදී සිටි වන ජීවී නිලධාරීන්ට පහරදීම සහ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් දේපොළවලට අලාබ හානි සිදු කිරීම යන චෝදනා මත සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කැර තිබිණි.

නීතිඥ ජනක නිශාන්ත කුමාර මහතා සැකකාර ආදිවාසීන් වෙනුවෙන් මෙහිදී පෙනී සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]