මරදාන -හික්කඩුව- දුම්රියේ තුන්වන පන්ති ටිකට්වලින් දෙවැනි පන්තියේ ගිය 60 ක් දැලේ

මරදාන -හික්කඩුව- දුම්රියේ තුන්වන පන්ති
ටිකට්වලින් දෙවැනි පන්තියේ ගිය 60 ක් දැලේ

මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වු විශේෂ සීඝ්‍රගාමී දුම්රියේ ඊයේ(20) සවස කළ ප්‍රවේශ පත්‍ර පරික්ෂා වකදී තුන්වන පංතියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන්කල මගීන් හැට දෙණෙකු (60) දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මගීන්ගෙන් බොහෝ කාර්යාල සේවක සේවිකාවන් බවත් ,ඹවුන් කල්ලි වශයෙන් මෙසේ ඉහළ පංතියේ ගමන් කරන බවත් දුම්රිය ආරක්ෂක සේවයේ සම්බන්ධීකරන කාර්යභාර නිලධාරි ප්‍රදීප් ජයතිලක මහතා පවසයි.

මේ හේතුව නිසා දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් බොහෝ දෙණෙකු ට හිටගෙන යාමට සිදුවී ඇතැයිද වාර්තාවෙයි.

මරදාන දුම්රිය ස්ථානයෙන් ‍ සිට ඊයේ සවස 5.00 ගමන් ඇරඹු නයනකුමාරි නමින් මගීන් හදුන්වන මෙම දුම්රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කළුතර දුම්රිය ස්ථානය දක්වා ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදුකොට තිබේ. එහිදී තුන්වන පංතියේ ප්‍රවේශ පත්‍රලබාගෙන දෙවන පංතියේ ගමන් කළකාන්තාවන් අට දෙණෙකුද කොටුකර ගැණීමට හැකිවු බවද ප්‍රදීප් මහතා දිණමිනට පැවසීය.

අත්අඩංගුවට ගත් මගීන් හැට දෙනාගෙන් රුපියල් 81600/=දඩමුදලක් අයවිය යුතුය. ඊයේ9(21)දහවල් වනවිට මගීන් තිස්අ‍ට දෙනෙකු ගෙන් රුපියල් 55520/= දඩ මුදලක් දුම්රිය ආරක්ෂක හමුදා සේවයේ නිලධාරීන් අයකරගෙන තිබිණ.

දුම්රිය මගීන්ගේ ගමන් පහසුව සදහා කාර්යාල සීඝගාමී දුම්රියවල දිගින් දිගටම ප්‍රවේශපත්‍ර පරික්ෂා කරන අතර ප්‍රවේශපත්‍ර නොමැති මගීන් හා තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන්ගන්නා මගීන්ගේ තරාතිරම නොබලා දඩ නියම කරන බවද ප්‍රදීප් මහතා පැවසීය

දුම්රිය ආරක්ෂක හමුදා සේවයේ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරන කාර්යභාර නිලධාරී ප්‍රදීප් ජයතිලක , ආරක්ෂක සමන් කීර්ති මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා