“දියකාවා” පුහුණු මෙහෙයුම අවසන් අදියරේ

“දියකාවා” පුහුණු මෙහෙයුම අවසන් අදියරේ

විදේශ හමුදාවල සහභාගීත්වයෙන් පැවැත්වෙන “දියකාවා” හමුදා පුහුණු මෙහෙයුම මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.

යුද හමුදාවේ විශේෂ බළකාය සහ කොමාන්ඩෝ බළකායේ මෙහෙයවීමෙන් පැවැත්වෙන පුහුණු මෙහෙයුම තොප්පිගල සහ වාකරේ ප්‍රදේශ ආශි‍්‍රතව පැවැත්වේ. මේ වනවිට දින විස්සකට ආසන්න කාලයක් පැවැති පුහුණු මෙහෙයුම මේ මස 24 වනදායින් අවසන් වෙයි.

නිලධාරීන් සහ සෙසු නිලයන් දෙදහස් පන්සියයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටිති. චීනය, රුසියාව, පකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින ඇතුළු රටවල් ගණනාවක ත්‍රිවිධ හමුදා සෙබළුන් සහ නිලධාරීහු මෙම පුහුණුවට සහභාගි වී සිටිති.

පුහුණු මෙහෙයුමේ අවසන් අදියර යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ නිරීක්ෂණයෙන් අවසන් වේ. මෙහෙයුම සඳහා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝනය සහ ප්‍රහාරක නැව් එක් කැර ඇති අතර ගුවන් හමුදා යානා රැසක් ද පුහුණුවට සහය ලබාදෙයි.=

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා