මරණ දැන්වීම්




ආර්. කේ. නිමලසිරි මහතා -
(විශ්‍රාමික ශ්‍රී ලංකා මහ බැංකුව) සීතා පෙරේරා (විශ්‍රාමික ආචාරිනි තම්මිට මහ විදුහල) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, චිරන්තක රනමුක (සෙලාන් - කුරුඳුවත්ත) සාරංග රණමුක (Virturso)  යන අයගේ දයාබර පියාණන් වූද චම්පිකා ජයරංජනී (IFS Ltd) ගේ මාමණ්ඩිය වූද ගම්පහ අකරවිට විසූ ආර්. කේ. නිමලසිරි මහතා අභාවප්‍රාප්ත වුවාය. ඒ පිළිබඳ ආදාහන කටයුතු 2012 සැප්තැම්බර් 23 වෙනි ඉරිදා සවස 4.00 ට උඩුගම්පල ආදාහනාගාරයේදී සිදුකෙරේ. අංක 211/2, ජාඇල පාර, අකරවිට, ගම්පහ. 0332231755. 248393

නැසීගිය හරිදත්ත විජයවර්ධන මහතාගේ පි‍්‍රය භාර්යාව වූද, නැසීගිය ධර්මසේන දාබරේ මහතාගේ සොහොයුරිය වූද නෙලුම්, නැසීගිය ඉන්ද්‍රා සහ හේමන්ත (වරාය අධිකාරිය) ගේ ආදරණීය මෑණියන් වූද, කුඩලිගම (විශාඛා විද්‍යාලය) මහින්ද (සිවිල් ගුවන් සේවා), කුමුදිනි (කොන්කෝර්ඩ් හෝටලය) ගේ නැන්දනිය වූද, අනුෂ්ක, දිනේන්ද්‍රා, තුෂාන්, සංඛ්‍යානි ගේ ආච්චි අම්මා වූද ඛේමා විජයවර්ධන මැතිනිය අවුරුදු 80 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2012.09.22 වන සෙනසුරාදා සවස 4.00 ට ගල්කිස්ස පොදු සුසාන භූමිය කරා රැගෙන යන බව සියලු ඥාති මිත්‍රාදීන් වෙත කාරුණිකව දැනුම් දෙමි. නො. 31, දක්ෂිණාරාම පාර, ගල්කිස්ස. 245357

එ. උපාලි පෙරේරා (හිටපු වතු අධිකාරී - මිල්ලකන්ද වතුයාය), පද්මිනිගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ඩිල්ෂාන්, ක්‍රිෂාන් සහ ශෂිකාගේ දයාබර පියාණන්වූද, තිලන්ගි වාසනා සහ මාධව ගුණරත්න (H.N.B.  ඇෂුවරන්ස් පී.එල්.සී.) ගේ මාමණ්ඩිය වූද, සන්දිෂ්වරා, නදුනි, සන්ජානා, සන්දීප්, සහ සන්ජාන්ගේ ආදරණීය සීයා වූද, එ. උපාලි පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 23 වෙනි ඉරිදා සවස 4 ට පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ. සවස 3.30 දේහය නිවසින් රැගෙන යනු ලැබේ. පාසල් මාවත, අතුර, බුලත්සිංහල. 246569

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා