කම්කරු සංවිධාන නියෝජිත පිරිසකට ෆීජි රටින් පිටවෙන්න නියෝග

කම්කරු සංවිධාන නියෝජිත පිරිසකට ෆීජි රටින් පිටවෙන්න නියෝග

පැසිපික් දූපතක් වන ෆිජි හි කම්කරු අයිතීන් නොතකා හැර ඇත්දැයි විමසනු පිණිස පරික්ෂණ පවත්වමින් සිටි ලෝක කම්කරු සංවිධාන නියෝජිත පිරිසට එරටින් පිටවන ලෙස නියෝග කර ඇතැයි වෘත්තීය සංගම් නිලධාරියකු පවසා තිබේ.

කම්කරු අයිතීන් නොතකා හැර ඇතැයි නැගුනු චෝදනා අධ්‍යයනය කරනු පිණිස ලෝක කම්කරු සංවිධාන නියෝජිත පිරිසට ආරාධනා කෙරුණේ රජයෙන් නමුත් ඔවුනට රටින් පිටවීමට නියෝග කිරීමට කලින් කිසිවකු සමග කතා බස් කිරීමට පවා ඉඩදී නැතැයි ෆිජි වෘත්තීය සංගම් කොංග්‍රසයේ මහ ලේකම් වරයා පවසා ඇත.

ඉකුත් බදාදා මේ නියෝජිත පිරිස කම්කරු ඇමති ජෝන් උසාමේට් හමුවූ අවස්ථාවේ ඔහුට ලැබුණු දුරකතන ඇමතුමකින් පසු ඔහු පවසා ඇත්තේ රැස්විම අවසන් බව හා නියෝජිත පිරිසට රටින් බැහැර වීමට සිදුව ඇති බවය.

ලෝක කම්කරු සංවිධානය පවසා ඇත්තේ නියෝජිත පිරිසට අදාල කොන්දේසි ෆිජි අගමැති වොරෙක් බායිනි මරාමා විසින් වෙනස් කරන ලද අතර ඒවා සිය සංවිධානයට නොපිළි ගත හැකි වූයෙන් දූත පිරිසට වහා එරටින් පිටව යන ලෙස පැවසුනු බවය.

මේ සම්බන්ධයෙන් රජය නිකුත්කළ නි‍වේදනයක දැක්වෙන්නේ ලෝක කම්කරු සංවිධානය වැනි ආයතන සමග කටයුතු කිරීමේදී ෆීජි රජය විවෘත භාවය හා විනිවිද භාවය සුරකින නමුදු පූර්ව නිගමනයන් හා අවධානිත න්‍යාය පත්‍රයකට කටයුතු කරන පිරිසකට ඉඩ නොදෙන අතර ස්වාධින නියෝජිත කණ්ඩායම් පමණක් අපේක්ෂාකරන බවත්ය. කෙසේ වෙතත් අගමැතිවරයාගේ තීරණයෙන් මේ නියෝජිත පිරිස රටින් පිටකිරීම ෆිජි රජයේ කීර්තියට කැළලක් බව කම්කරු ඇමති වරයා කියා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා