මාලිනි ෆොන්සේකා සිය
මන්ත්‍රී තනතුර අත්හරි

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයකින් පාර්ලිමේන්තුවට තේරි පත් වුනු ප්‍රවීණ රංගන ශීල්පී මාලිනි ෆොන්සේකා මහත්මිය...

විස්තර»

ගාලු පාර වැසේ

ඉස්ලාම් ආගමට නිගා කළ බව කියන ඇමරිකාවේදී නිෂ්පාදිත චිත්‍රපටයට විරෝධය දක්වන විරෝධතාවක් නිසා කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා ගාලු පාර තාවකාලිකව වසා දමා තිබේ.

විස්තර»

මාර්ග දෙකක පෞද්ගලික
බස් වර්ජනයක්

හලාවත - කොළඹ සහ කිරිඳිවල - නිට්ටඹුව මාර්ගවල පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.

විස්තර»


සාමයෙන් තොරව සංවර්ධනයක් ළඟා කර ගත නො හැකියි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 සැප්තැම්බර් 11 කොළඹ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


සණස විනෝද චාරිකා බෝට්ටුව පස් දෙනකු එක්කම මූදට බිලි

ජීවිත ආරක්ෂක කබා නෑ: තව දෙදෙනෙක් රෝහලේ

බෝට්ටුව පැද වූ දෙදෙනා අත්අඩංගුවේ

බේරුවල ප්‍රදීපාගාරය නැරැඹීමට විනෝද චාරිකාවක ගිය සණස සාමාජිකයන් රැගත් බෝට්ටුවක් ප්‍රදීපාගාරයේ සිට නැවත වෙරළට එද්දී පෙරැළීයෑමෙන් පස් දෙනකු මිය ගිය අතර දෙදෙනෙක් දුශ්සාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කරනු ලැබූහ. ඔවුන් බේරුවල රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. මෙසේ අනතුරට පත්ව ඇත්තේ තලංගම දකුණ ප්‍රදේශයෙන් චාරිකාවක් සඳහා බේරුවලට පැමිණි තලංගම දකුණ සණස සංවර්ධන සමිතියේ සාමාජික පිරිසකි.

විස්තර»

ප්‍රධාන ඇමැති තනතුර

ජනපතිගේ තීරණයට අප එරෙහි වන්නේ නෑ

අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයෝ කියති

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය තනතුර පිළිබඳ ජනාධිපති තුමා සහ රජය ගනු ලබන තීන්දුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක නියෝජිතයකු එරෙහි වන්නේ නැතැයි ඔවුහු එකහඬින් පවසති. උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය කාට ලබා දුන්නත් ඒ තීරණය අප සියලු දෙනා ඒකමතිකව අනුමත කරන බවද එයට විරෝධය පා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙන බවට ගෙනයන ප්‍රචාරය අමූලික බොරුවක් බවද ඔවුහු පවසති.

විස්තර»

ඉන්දු-ශ්‍රී ලංකා මිතුදම තහවුරු කර සාර්ථක නිල ගමන නිමවා ජනපති එයි

ඉන්දියා ශ්‍රී ලංකා නොබිදෙන මිතුදම තවදුරටත් තහවුරු කළ සිය සාර්ථක තෙදින නිල සංචාරය නිමා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (22) යළි දිවයිනට පැමිණියේ ය. සාංචි නුවර බෞද්ධ සහ භාරත අධ්‍යයන අනිතර්ජාතික විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සදහා මුල්ගල තැබිමට ලද ආරාධනය පරිදි ජනාධිපතිවරයා 19 වැනිදා පස්වරුවේ ඉන්දියාව බලා පිටත් විය.

විස්තර»

ප්‍රධාන ඇමැතිවරු අද දිවුරුම් දෙති

උතුරමැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන් සහ පළාත් අමාත්‍යවරුන් අද (24) උදෑසන ජනාධිපතිි මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. උතුරුමැද පළාතට අදාළව පත්කරන ලද කමිටුවේ නිර්දේශය ඊයේ (24) රාත්‍රි ජනාධිපතිවරයාට භාරදීමට එම කමිටුව ක්‍රියාකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

විස්තර»

රක්ෂණ ආයතන පිළිබඳ මහජන විශ්වාසය ඉහළයි

දිනමිණ පුවතට අවධානය

ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සභාපති රමල් ජාසිංහ කියයි

2012 ජුනි මස 30 වැනි දින වනවිට සියලු රක්ෂණ සමාගම්වල රක්ෂණ වාරික වර්ධන අගයන් ඉතාමත් ඉහළ මට්ටමක පවතින අතර රක්ෂණ ආයතන කෙරෙහි මහජන විශ්වාසය ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (IASL) සභාපති රමල් ජාසිංහ මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ 2012 සැප්තැම්බර් මස 18 වැනි දින ‘දිනමිණ’ පත‍්‍රයේ ප්‍රධාන සිරස්තලයේ පළවූ පුවත සම්බන්ධධයෙන් කරුණු දක්වමිනි.

විස්තර»

පළාත් සභා ජය ජනතා ජයග්‍රහණයක් කිරීමට සියලු නියෝජිතයන් කැපවිය යුතුයි

උතුරු මැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (23) පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතව සිටි අයුරු. ඡායාරූපය - උදේශ් ගුණරත්න

විස්තර»

 

 
කලු කොඩි ගෙන උඩ පැන්නට තමිල්නාඩු කොටී
පිටරටවල කොටි ගැත්තන් මිරිකුවාට බෙටී
ජය ලැබ ගෙන ඉන්දියාවෙ සංචාරය කෙටී
සපුමල් කුමරා ආපහු මෙහි ඇවිදින් සිටී
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast