හඟුරන්කෙත අවට ගම්වලට තදවැසි සහිත සුළං

හඟුරන්කෙත අවට ගම්වලට තදවැසි සහිත සුළං

නිවාස 10කට අලාභ හානි

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධිකාරීගම වැලිකඩ බුගහලන්ද මාපිල්ල සහ බලගොල්ල ප්‍රදේශවලට පසුගියදා (21) පස්වරුවේ ඇද හැළුණු දැඩි වර්ෂාව සමග ඇති වූ සුළං තත්වය නිසා නිවාස දහයකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇත.

වර්ෂාවත් සමඟ විශාල ප්‍රමාණයේ අයිස් කැට ද ප්‍රදේශය පුරා පතිත විය. වහලයකින් ගැලවී ගිය තහඩුවක් වැටීමෙන් කුඩා ළමයෙකුට තුවාල සිදුවිය.

ගස් අතු කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලි බලයද සම්පූර්ණයෙන්ම අක්‍රිය විය.

ප්‍රදේශයට මාස ගණනාවක් තිස්සේ බලපෑ දැඩි නියඟය නිමාවට පත් කරමින් මේ වර්ෂාව ලැබුණු අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජේ. කුමාරසිරි මහාතගේ උපදෙස් පරිදි හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් ආර්. ටී.පී. සුමනසේකර මහතා විසින් හඟුරන්කෙත පොලිස් නිලධාරීන් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් දේශපාලන අධිකාරියේ සහ ස්වෙච්ඡා සංවිධානවලද සහය ඇතිව විපතට පත්වූවන්ට සහන සැලසීමට පියවර ගෙන ඇත.

එදින පැවැති එම වැස්සෙන් පසුව මේ වන තුරු එම ප්‍රදේශවලට වැසි නොලැබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා