ප්‍රධාන ඇමැතිවරු අද දිවුරුම් දෙති

ප්‍රධාන ඇමැතිවරු අද දිවුරුම් දෙති

උතුරමැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන් සහ පළාත් අමාත්‍යවරුන් අද (24) උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

උතුරුමැද පළාතට අදාළව පත්කරන ලද කමිටුවේ නිර්දේශය ඊයේ (24) රාත්‍රි ජනාධිපතිවරයාට භාරදීමට එම කමිටුව ක්‍රියාකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

උතුරුමැද මහඇමැතිවරයා පත්කිරීම සම්බන්ධව එම කමිටුවේ නිර්දේශයට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරනු ඇතැයි කී මහලේකම්වරයා උතුරුමැද පළාතේ මහඇමතිවරයා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සිදුකරන සියලු ප්‍රකාශ තහනම් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවද පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා