රක්ෂණ ආයතන පිළිබඳ මහජන විශ්වාසය ඉහළයි

රක්ෂණ ආයතන පිළිබඳ මහජන විශ්වාසය ඉහළයි

දිනමිණ පුවතට අවධානය

ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සභාපති රමල් ජාසිංහ කියයි

2012 ජුනි මස 30 වැනි දින වනවිට සියලු රක්ෂණ සමාගම්වල රක්ෂණ වාරික වර්ධන අගයන් ඉතාමත් ඉහළ මට්ටමක පවතින අතර රක්ෂණ ආයතන කෙරෙහි මහජන විශ්වාසය ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (IASL) සභාපති රමල් ජාසිංහ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ 2012 සැප්තැම්බර් මස 18 වැනි දින ‘දිනමිණ’ පත‍්‍රයේ ප්‍රධාන සිරස්තලයේ පළවූ පුවත සම්බන්ධධයෙන් කරුණු දක්වමිනි.

2012 සැප්තැම්බර් මස 18 දින දිනමිණ පුවත්පතේ “රක්ෂණ සමාගම්වලට පාරිභෝගිකයන්ගෙන් නඩු” ශීර්ෂපාඨය යටතේ පළ කරනලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අප ආයතනය පහත සඳහන් කරුණු ගෙනහැර දක්වන්නේ රක්ෂණ කර්මාන්තයේ සුභ සාධනය හා දියුණුව මහජන හා දේපල ආරක්ෂාව හා රටේ ආර්ථිකයට හා ආරක්ෂාවට බෙහෙවින් දායක වන බැවින් රක්ෂණ කර්මාන්තය පිළිබඳ සත්‍ය තත්ත්වය මහජනතාව වෙත නැවත පසක් කර දීමටයි.

වර්ෂ 2012 ජුනි මස 30 දක්වා වූ අර්ධ වර්ෂ අවසානයේදී සියලු රක්ෂණ සමාගම්හී රක්ෂණ වාරික වර්ධන අගයන් ඉතාමත් ඉහළ මට්ටමක පැවැති අතර සාමාන්‍ය රක්ෂණයන් (ජීවිත නොවන) 22% ප්‍රතිශතයකින්ද ජීවිත රක්ෂණයන් 25% ප්‍රතිශතයකින්ද වැඩි විය. ඉහත අගයන් රක්ෂණය කෙරෙහි මහජන විශ්වාසය පිළිබිඹු කෙරෙන අතර මේ කාල සීමාවේ රක්ෂණ වාරික වර්ධනයේලා සලකන විට රක්ෂණ සමාගම් ඉලක්කම් තුනක රක්ෂණ වාරික වර්ධන අගයන් සටහන් කළ අතර තවත් සාමාජික සමාගම් ඉලක්කම් දෙකක වර්ධන අගයන් පෙන්නුම් කරයි. 2011 වර්ෂයේ අගයන් හා සැසඳීමේදී ;මය ඉතා සැලකිය යුතු වර්ධනයකි.

රක්ෂණ කර්මාන්තය විසින් 2010 වර්ෂය සඳහා වන්දි මුදල් වශයෙන් රුපියල් බිලියන 15.6 මුදලක් ගෙවා ඇති අතර කර්මාන්තයේ ධනාත්මක වර්ධනයත් සමඟ 2011 වසර සඳහා වූ ගෙවීම් ඉතා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනු ඇත. වන්දි මුදල් සම්බන්ධව නීතිමය පියවරයන්ට යොමුව ඇති ක්‍රියාදාමයක් අතුරින් 99% පමණ උසාවිය විසිින් අදාළ රක්ෂණ සමාගම් නිවරද්‍ය බවට තීරණය කොට ඇත. වන්දි මුදල් සම්බන්ධ ඉල්ලීම් බහුතරයක් උසාවියෙන් පිට සමථයකට පත්වන බැවින් නීතිමය ක්‍රියාවලියන්ට යොමුවන වන්දි ඉල්ලීම් ඉතා ස්වල්ප වේ. කෙසේ වෙතත් රක්ෂණ සමාගම් වෙත යෙමුවන වංචා සහගත ව වන්දි මුදල් ලබාගැනීමට තැත් කිරීම්හි විශාල ප්‍රවණතාවයක් දැකිය හැක. රක්ෂණ ඔම්බුඩ්ස්මන් ක්‍රියාවලිය හා උසාවියට බාහිරව තෙවන පාර්ශ්ව මෝටර් රථ වන්දි ලබාගැනීම සඳහා ඔම්බුඩ්ස්මන්වරයා විසින් ඉදිරිපත් කොට ඇති විකල්ප වන්දි මුදල් ගෙවීීමේ යෝජනා ක්‍රමය තුළින් උසාවියෙදී ඇතිවන එවැනි තීන්දු ප්‍රමාද වීම මඟ හරවා ගත හැකිය.

එම ප්‍රමාදයන් රක්ෂණ සමාගම්වල පාලනයෙන් ඔබ්බට යන බැවින් ඔම්බුඩ්ස්මන් ක්‍රියාවලිය වන්දි මුදල් ලබාගැනීමේ කර්තව්‍යය දී ඉතා කාර්්‍යක්ෂම වේ. තවද වන්දි මුදල් ගෙවීම සම්බන්ධ පාර්ලිමේන්තු පනත් සංශෝධනයෙන් පසු ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයටද (IBSL) ඉතා භාරදුර වගකීමක් පැවරෙන්නේය. (ඔවුන්ගේ අධීක්ෂණ පථය ජීවිත නොවන රක්ෂණ වන්දි සඳහාද පෘථුල කොට ඇත) කර්මාන්තයක් වශයෙන් මේ සියලු වෙනස් වීම් අප ඉත සිතින් පිළිගනිමු.

තරගකාරී රක්ෂණ කර්මාන්තයේ වන්දි ගෙවීමේ කාර්යක්ෂමතාව තරගකාරීත්වයේ ඉතා වැදගත් තැනක් ගනී. එබැවින් එක් එක් සමාගම පෞද්ගලිකව තම වන්දි කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කරන අතර කර්මාන්තයේ නියැලි සමාගම් 22 ක් තරගකාරීත්වය කෙරෙහි මනා අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ ඔවුන් සීමිත අලෙවි පරාසයක් තුළ ක්‍රියාත්මක වන බැවිනි. අපගේ උපදේශකයන් හා අතර මැදින් (රක්ෂණ තැරැව්කරුවන්) ද සියලු පාර්ශවකරුවන් වෙත වෘත්තීයමය සේවාවක් සපයන්නේ මේ තරගකාරී බල වේගය සිතැතිවයි.

කර්මාන්තය හා ඒ හා බැඳුනු පාර්ශවකරුවන් එවැනි ධනාත්මක ක්‍රියාවලියක යෙදී සිටීමේදී රක්ෂණය කෙරෙහි කෙසේ හෝ මහජනතාව අතර විශ්වාසය අඩුවීමක් නොවන්නේ ය. නමුත් සේවාව වැඩි දියුණු කිරීමට සැමවිටම අවකාශ ඇති අතර ඉතා වැදගත් වන්නේ රක්ෂණ ඔප්පුවේ ඇති ගිවිසුම් හා කොන්දේසි පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මඟින් එවැනි ඔප්පුවකින් ඔවුනට වන්දි මුදල් ලබා ගත හැකි අවස්ථා හා අනුගමනය කළ යුතු කොන්දේසි පිළිබඳ දැනුවත් කිරීමයි.

මෙහි ලා වැදගත් කොට සඳහන් කළ යුතු වන්නේ කර්මාන්තය අක්‍රමිකතා හා වංචා දූෂණ වලින් තොර පිරිසිදු පරිසරයක පවත්වාගෙන යාමට අප සැම විටම උනන්දු වන අතර වන්දි මුදල් සඳහා අවංකව ඉල්ලුම් කරන ඔප්පු හිමියන්ගේ යහපත උදෙසා ඉතා උසස් හා අවංක සේවයක් සිදු කරන බවයි. වංචනික ලෙස වන්දි ලබාගැනීමට තැත් කරන්නන් කෙරෙහි අපි තැකීමක් නොකරන්නෙමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා