නවදිල්ලි සිනමා සම්මාන උළෙලේ ජූරියට මාලිනීත්

නවදිල්ලි සිනමා සම්මාන උළෙලේ ජූරියට මාලිනීත්

නවදිල්ලි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ මෙවර ජූරි සභාව සඳහා අන්තර්ජාතික සම්මානලාභී සිනමා නිළි මාලිනී ෆොන්සේකා මහත්මිය ඇරියුම් ලබා ඇත.

මින් පෙර මේ ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ ජූරි සභාව සදහා ඇරියුම් ලැබූ එකම ශ්‍රී ලාංකික සිනමාවේදියා වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාය.

මේ වසරේ නොවැම්බර් මස 20 දා සිට දෙසැම්බර් 01 දක්වා මේ උළෙල ඉන්දියාවේ ගෝවේ නුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම උළෙලේ ජූරි සභාව සඳහා සහභාගී වීමට නොවැම්බර් 18 වැනි දින පිටත්ව යන බව “දිනමිණ” කළ විමසුමකදී මාලිනී ෆොන්සේකා මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙමින් සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය ද මේ සිනමා උළෙලේ දී සම්මානයට පාත්‍ර විය. ඒ 2009 වසරේදී අකාස කුසුම් චිත්‍රපටය සඳහා රංගනයෙන් සැපයූ දායකත්වය වෙනුවෙනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා