පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල 30ට පෙර

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල 30ට පෙර

මේ මස 30 වනදාට පෙර 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරස් ජනරාල් ඩබිලිව් එම් එම් ජේ පුෂ්පකුමාර මහතා පවසයි. මැතිවරණ පැවැත්වූ ප්‍රදේශවල ඇගැයීමි කටයුතු 7 වැනිදා දහවල් 12 පසුව අවසන් කළ බව පවසන ඒ මහතා එම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ ස්ථානයක සිදුතරන බවද කියයි.

ශිෂ්‍යත් විභාගය පැවැත්වූ පසුගිය 26 වන දින විභාගය අතරතුර සුළු සුළු සිද්ධීන කිහිපයක් සම්බන්ධයෙන් තමා දැනුවත් වූ බව පවසන පුෂ්පකුමාර මහතා එදින රාත්‍රි 7.30 ට පමණ ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් තමා දැනුවත් වූ බවත් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අදාළ සිද්ධිය සොයා බලන ලෙස පසුදින එනම් 27 වන දින තොළඹ අපරාධ පරී්කෂණ දෙපාර්තසේන්තුවට දැනුම් දුන් බවත් කීවේය.

ඒ අනුව පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැනි සිද්ධියක් සිදු වූ බවට ඔප්පු කළ හැකි හා සනාථ කළ හැකි කිසිදු සාක්ෂියක් ලැබුනු තොරතුරුවලට හා ලබා ගත් සාක්ෂිවලට අනුව මේ වන ‍තෙක් ලැබී නැති බව තමාට දැනුම් දී ඇතැයි කී විභාග කොමසාරිස් ජනරාල්වරයා පැමිණිලි ලැබූ ප්‍රදේශවල විශේෂ විමර්ශනයක් අපරාධපරීක්ෂ දෙපාර්තමේන්තුව සිදු කර ඇතැයිද කීවේය. මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධපරීක්ෂ දෙපාර්තමේන්තුව නීතිමය පියවර ලබාගන්නා බවට තමාට දැනුම් දී ඇතැයි කී ඒ මහතා මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පිටු 9ක වාර්තාවක් තමාට ලැබී ඇතැයිද කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා