සිරියාවේ ප්‍රචණ්ඩත්වයට විසඳුම් සොයා ජගත් මහ ලේකම්-ලක්දා බ්‍රහිමි සාකච්ඡාවක

සිරියාවේ ප්‍රචණ්ඩත්වයට විසඳුම් සොයා ජගත් මහ ලේකම්-ලක්දා බ්‍රහිමි සාකච්ඡාවක

සිරියාවේ 18 මසක් පුරා දිගැස්සී ඇති රාජ්‍ය විරෝධි ගැටුම් සහ රජයේ සාහසික මර්දනය පිළිබඳව ජගත් මහ ලේකම් බැන් කි මූන් සහ ජාත්‍යන්තර සාම මැදිහත්කරු ලක්දා බ්‍රහිමි පෙරේදා සාකච්ඡා පවත්වා ඇත .ළඟදි පැවැත්වෙන ජගත් සංවිධාන මහ සමුළුවේදි සිරියාවේ මානුෂික තත්ත්වය වැඩිදියූණු කිරීමට මෙහිදි යෝජනා සම්මත කරගත හැකිවනු ඇතැයි විශ්වාසය පළකර තිබේ .

මෙහිදී සිරියාවේ ප්‍රචණ්ඩත්වයේ සාහසික බව පිළිවඳව මේ දෙපළගේ විශේෂ අවධානය යොමුවි තිබේ. සිරියන් ජනතාවගේ නිත්‍යනුකූල අයිතිවාසිකම් රැකදෙන ආකාරයේ පරිපූර්ණ දේශපාලන විසදුමක් සපයා දිය හැකි ආකාරය ද මොවුන් විමර්ශනය කළ බව වාර්තා වේ . සිරියාවේ ප්‍රචණ්ඩත්වය උග්‍ර අතට හැරිම කලාපිය සාමයට මෙන්ම ආරක්ෂාවටද තර්ජනයක් වනු ඇති බවටද මෙහිදි අවධාරණය කර ඇත .

සිරියන් අර්බුදයට විසඳුමක් සෙවිමට ජගත් මහ සමුළුවට සහභාගිවන රාජ්‍ය නායකයන්ගේ සහාය නොබඳව ලබා දිය යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි . සිරියාවේ මානුෂික අර්බුදය විසදීමට මෙවැනි සහයෝගයක් ලබා දිම අත්‍යාවශ්‍ය බවද අවධාරණය කර තිබේ . අලිප්පෝ නගරයේ මර්මස්ථානයක් අල්ලා ගැනීමට රජයේ හමුදා සහ කැරළිකරුවන් අතර මේවන විටත් දරුණු සටන් පවතින බව වාර්තා වේ . මේ අතර කැරළිකරුවන්

තම අණදෙන මධ්‍යස්ථානය තුර්කියේ සිට මුදාගත් සිරියන් ප්‍රදේශ කරා ගෙනවුත් ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා