මුද්‍රණය සඳහා

 
මාලිනී යළි මැති සබයට

මාලිනී යළි මැති සබයට

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මාලිනී ෆොන්සේකා මහත්මිය මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ දී කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (9) යළි දිව්රුම් දුන්නාය.

ඉකුත් සැප්තැම්බර් 25 වන දින ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දුන්නාය. එසේ වුවද ජනාධිපතිවරයා විසින් ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු යළි මන්ත්‍රී ධූරය ලබාගැනීමට ඇය සිය කැමැත්ත පළ කළාය.

කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දීමෙන් අනතුරුව මාලනී ෆොන්සේකා මහත්මිය තමාට හිමි අසුනේ අසුන් ගත්තාය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]