දෙවැනි වතාවටත් පස් නිවුන් දරු උපතක්

(2012-10-15 14.30) මහනුවර මහ රෝහල් ඉතිහාසයේ ප්‍රථම වරට මවක් අද උදෑසන දරුවන් පස් දෙනෙකු බිහි කරනු ලැබීය.

විස්තර»

අය වැයට ඡන්දය නොදීමට කිසිදු තීරණයක් ගෙන නෑ

ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි

ඉදිරි අය වැය සඳහා ඡන්දය ලබා නොදීමට ජාතික හෙළ උරුමය කිසිදු තීරණයක් ගෙන නොමැති බව එහි නායන ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

විස්තර»


රට වෙනුවෙන් තීන්දු ගැනීමට පසුබට නොවෙමි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012. 05. 01 කොළඹ දී.


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


මුළු බගවන්තලාවම කම්පා වෙයි

අවුරුදු 4ක සුරතල් දරුවා කඹයකින් බැඳ දස වද දෙයි

මව වැඩට ගිය පසු දරුවා ගැට ගහලා

ළමා අයිතිවාසිකම් කඩ කිරීමක්

නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා

වයස අවුරුදු හතරක් වූ සුරතල් පිරිමි දරුවකු කඹයකින් බැඳ; දරුවාට වද හිංසා කරන මිත්තණියක පිළිබඳ තොරතුරු බගවන්තලාව ලොයින්ඩන් තේ වත්තේ හෙල්ටොප් කොටසින් වාර්තා වේ.

විස්තර»

ආදරය අහිමි ළමයින් අපරාධවලට පෙළඹෙනවා

අපයෝජන මඬින්න සංකල්ප පහක්

වැඩපිළිවෙළ ළමා ආරක්ෂක ප්‍රතිපත්තියට ඇතුළත් කෙරේ

පාසල් මට්ටමින් පුළුල් අවබෝධයක්

අධිකාරියේ සභාපතිනිය කියයි

ළමා වියේ හෝ තරුණ වියේ හෝ කායික-මානසික අපයෝජනයකට ලක්වන වින්දිතයන් වැඩිහිටි වියට පත් ව අවස්ථාවක් ලද වහාම තවත් අපයෝජනයක් සිදු කිරීමට හෝ දරුණු ගණයේ අපරාධයකට යොමුවීමට හෝ පෙලඹෙන බව සමීක්ෂණ මඟින් හෙළිදරව් වී තිබේ.

විස්තර»

ආසියා සහයෝගීතා සංසද රාජ්‍ය නායක සමුළුවට ජනපති කුවේට් යයි

කුවේටයේදී පැවැත්වෙන ආසියානු සහයෝගිතා සංසදයේ රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතයි. රාජ්‍ය නායක සැසිය අද (15) ආරම්භ වන අතර එය 17 වැනිදා දක්වා පැවැත්වේ.

විස්තර»

ඉන්දියාවේ මහාබෝධි විහාරයේ ‍ආරක්ෂාව තර කෙරේ

ඉන්දියාවේ ඵෙතිහාසික මහාබෝධි විහාරස්ථානයේ ආරක්ෂාව තර කිරීමට එරට රජය තීරණයකර ඇත. විහාරස්ථානය විනාශ කිරීමේ ත්‍රස්තවාදී සැළසුමක් හෙළිවීමත් සමඟ මේ පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

විස්තර»

කරාපිටිය රෝහලේ දැරියගේ මරණය

සෙන්ට්‍රිඇක්සෝන් ප්‍රතිජීවක ඖෂධය භාවිතය තාවකාලිකව නවත්වයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී දැරියකට ලබාදුන් ප්‍රතිජීවක නික්ෂේපණය විස වී මරණයට පත්වීමෙන් අනතුරුව එම කාණ්ඩයට අයත් ප්‍රතිජීවක නික්ෂේපණ රට පුරා රෝහල්වල භාවිතයෙන් තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විස්තර»

පාසල් ක්‍රීඩා උළෙල නරඹන්නට ජනපතිත් ඇවිත්

බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ 28 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නරඹන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා (13) එක්විය. දින 5 ක් තිස්සේ පැවැති මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙලේ අවසාන දිනය වූ 13 වැනිදා තරග නැරඹීම සඳහා ජනාධිපතිතුමාගේ පැමිණීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම තරග නරඹන්නට එක්ව සිටි ක්‍රීඩා ලෝලීන්ගේ ද පැසසුමට හේතු වූ අතර, ක්‍රී‍ඩා ඉසව්වලින් හපන්කම් දැක්වූවන්ට මෙහිදී ජනාධිපතිතුමා විසින් සුබපැතුම් එක් කර සිටියේය.

විස්තර»

චන්ද්‍රිකා වැවට ජලය ඕනෑ:

මැණික් ගැරීමට බලපත් දීම තවදුරටත් නවතී‍

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවෙහි මැණික් ඉල්ලම් ලබාගැනීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබේ. පරිසර ආරක්ෂාව හා වැවෙහි ජලය රැස්කර ගැනීමේ අවශ්‍යතාව මත මේ තීරණය ගත් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එච්.එම්. නිමල් බණ්ඩාර මහතා පවසයි.

විස්තර»

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර සමිඳුන් පෙරේදා (13) වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. මහා සංඝරත්නය එහිදී පවත්වන ලද පිරිත් සජ්ඣායනාවට ජනාධිපතිතුමා, ඌව පළාත් මහ ඇමැති, රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහත්වරු එක්ව සිටි අයුරු. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සීලරත්න සෙනරත්, උපුල් දිසානායක මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායරූපය - නලීන් හේවාපතිරණ

 

 

 
පැන යන මුව රැළ දැකලා නෙළූ පලා විසි කරන්ට
මෝඩ වෙන්නෙ නෑ ජනයා කැමැතියි දියුණුව ලබන්ට
ඇස් නොපෙනෙන අන්ධයන්ට එක්සත් වුණු රට දකින්ට
හයිඩ් පාර්ක් පිටියට යති අද සුදු සැරයැටි බෙදන්ට
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast