මානසික ගැටලු සහිත රෝගීන් සමාජයෙන් කොන් නොකළ යුතුයි

මානසික ගැටලු සහිත රෝගීන් සමාජයෙන් කොන් නොකළ යුතුයි

- ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ

මානසික සෞඛ්‍ය ගැටලු සහිත රෝගීන් සමාජයෙන් කොන් නොකර ඔවුන්ට සාමාන්‍ය මිනිසුන් ලෙස දිවි ගෙවීමට ඇති අයිතිය සුරැකීමට අවශ්‍ය සුහදශීලී පරිසරයක් ගොඩනැගීම මුළු මහත් සමාජයේම වගකීම බව ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාලය සංවිධානය කළ වැඩසටහන් මාලාවක් පසුගිය සතියේ දී පැවැත්විණි. එහිදී ජාතික මානසික රෝහලේ ප්‍රතිලාභ ලබන රෝගීන්ගේ අත්කම් හා කලා නිර්මාණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය එම නිෂ්පාදන නිරීක්ෂණය කරන අයුරු. ඡායාරූපය – ලලිත් වැලිවිටිගොඩ

ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය මේ බව අවධාරණය කර සිටියේ ඔක්තෝබර් 10 වැනි දිනට යෙදී තිබුණ ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාලය විසින් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට ප්‍රධාන ආරාධිතයකු වශයෙන් සහභාගි වූ අවස්ථාවේදීය.

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාලය ඔක්තෝබර් 10 වැනි දින සිට සතියක් පුරා වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, ජාතික මානසික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අත්කම් නිර්මාණ හා කලා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්විණි. ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කෙරුණේ ජනපති ආර්යාව අතිනි.

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව “විශාදය ලොවෙන් තුරන් කරමු” යන්නයි.

රාජපක්ෂ මැතිනිය රෝගීන්ගේ අත්කම් නිර්මාණ හා කලා නිර්මාණ නැරඹීම සඳහා එක්වූ අතර, ඔවුන්ගේ දක්ෂතාවයන් විශේෂ ඇගයීමට ලක් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා