පාසල් ක්‍රීඩා උළෙල නරඹන්නට ජනපතිත් ඇවිත්

පාසල් ක්‍රීඩා උළෙල නරඹන්නට ජනපතිත් ඇවිත්

බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ 28 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නරඹන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා (13) එක්විය. දින 5 ක් තිස්සේ පැවැති මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙලේ අවසාන දිනය වූ 13 වැනිදා තරග නැරඹීම සඳහා ජනාධිපතිතුමාගේ පැමිණීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම තරග නරඹන්නට එක්ව සිටි ක්‍රීඩා ලෝලීන්ගේ ද පැසසුමට හේතු වූ අතර, ක්‍රී‍ඩා ඉසව්වලින් හපන්කම් දැක්වූවන්ට මෙහිදී ජනාධිපතිතුමා විසින් සුබපැතුම් එක් කර සිටියේය.

සමස්ත ලංකා පාසල් ක්‍රී‍ඩා ඉතිහාසයේ නව තරග වාර්තා රැසක් පිහිටුවීමට මෙවර පාසල් ක්‍රී‍ඩක ක්‍රීඩිකාවන් සමත්කම් දැක්වීම, ක්‍රී‍ඩා උළෙලේ කැපී පෙනෙන විශේෂත්වයක් විය.

නාධිපතිතුමන් සමඟින් මේ අවස්ථාවට කතානායක චමල් රාජපක්ෂ, ක්‍රී‍ඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා