මැණික් ගැරීමට බලපත් දීම තවදුරටත් නවතී‍

චන්ද්‍රිකා වැවට ජලය ඕනෑ:

මැණික් ගැරීමට බලපත් දීම තවදුරටත් නවතී‍

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවෙහි මැණික් ඉල්ලම් ලබාගැනීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබේ.

පරිසර ආරක්ෂාව හා වැවෙහි ජලය රැස්කර ගැනීමේ අවශ්‍යතාව මත මේ තීරණය ගත් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එච්.එම්. නිමල් බණ්ඩාර මහතා පවසයි.

වැවෙහි සංවර්ධන කටයුතු කරමින් සිටිය දී හමු වූ මැණික් ඉල්ලම අඟල් 8 ක තරම් ඝනකමින් යුතු බවත් ඒ මහතා කියයි.

ඉල්ලම මතු වූ අවස්ථාවේ දී එය වෙන්දේසි කිරීමට තරම් ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් ජනතාවට එය විවෘත කළ බවත් විශේෂ අවශ්‍යතාව මත තවදුරටත් බලපත්‍ර නිකුත් නොකිරීමට අධිකාරිය තීරණය කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා