මුද්‍රණය සඳහා

 
තරුණ සේවා-රූපවාහිනී වොලිබෝල් තරග අද සිට

තරුණ සේවා-රූපවාහිනී වොලිබෝල් තරග අද සිට

ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා යූත් රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලිය අද (15) පෙරවරු 8.00ට මීගමුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එහි සුපර්ලීග් තරගාවලිය නොවැම්බර් 14දා ආරම්භ වීමට නියමිතය.

යෞවන සමාජ සමාජිකත්වය ලබා ඇති වොලිබෝල් කණ්ඩායම් සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා යූත් රූපවාහිනී අභියෝග ශූරතා තරගාවලිය සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 18ක් සහභාගි වීමට නියමිතය. පළාත් මට්ටමින් ශූරතාව හා අනුශූරතාව ලබාගත් කණ්ඩායම් මෙහිදී තරගවදිනු ඇත.

තරගාවලියේ කාන්තා/පිරිමි ශූරතාව සඳහා රු 50,000 බැගින් හා අනුශූරතාව සඳහා රු 30,000 බැගින්ද, තෙවැනි හා සිවුවැනි ස්ථානයන් සඳහා පිළිවෙළින් රු 20,000 හා 10,000ක්ද, දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව‍ට රු 15,000 බැගින්ද, කාන්තා/පිරිමි විශේෂ ශිල්පීය දක්ෂතා 12ක් සඳහා රු 36,000ක්ද පිරිනැමේ.

සුපර්ලීග් තරගාවලියේ කාන්තා/පිරිමි ශූරතාව සඳහා රු100,000 බැගින්ද, අනුශූරතාවට රු 75,000 බැගින්ද, තෙවැනි හා සිවුවැනි ස්ථානයන් සඳහා රු 50,000 හා රු25,000 බැගින්ද, දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට රු25,000 බැගින්ද, කාන්තා/පිරිමි විශේෂ ශිල්පීය දක්ෂතා 12ක් සඳහා රු60,000ක්ද පිරිනැමෙන බව සංවිධායකයින් පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]