මුද්‍රණය සඳහා

 
පාසල් මලල ක්‍රීඩා ශූරතාව බස්නාහිරට

පාසල් මලල ක්‍රීඩා ශූරතාව බස්නාහිරට

නව තරග වාර්තා 13ක්

බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාව ලකුණු 874 ක් ලබා ගනිමින් බස්නාහිර පළාතට හිමිවූ අතර අනුශූරතාව ලකුණු 612 ක් ලබාගත් මධ්‍යම පළාතටද ලකුණු 577 ක් ලබාගත් සබරගමුව පළාතට තෙවන ස්ථානයද හිමි විය. දුර පැනීමේ ඉසව්වෙන් මීටර 7.43 ක් වාර්තා කල වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ ඒ. ඩී. ඒ. ප්‍රනාන්දු තරගාවලියේ දක්‍ෂතම මලල ක්‍රීඩකයා ලෙසද පැණීමේ ඉසව් වල දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙසද සම්මාන ලද අතර කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවේ පබසරා සේනානායක තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

සමස්ත බාලක ශූරතාව ලකුණු 117 බැගින් ලබාගත් වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලත් මීගමුව මාරිස්ටෙලා විදුහලත් සම ශූරයන් වූ අතර සමස්ත බාලිකා ශූරතාව සඳහා ලකුණු 167 බැගින් ලබාගත් කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවන් හා වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය හිමිකම් කීහ. ලකුණු 90 ක් ලබා ගනිමින් වලල ඒ. රත්නායක විදුහල බාලක සූරතාව තෙවන තැනටත් ලකුණු 161 ලබා ගනිමින් රත්නපුර සුමන බාලිකාව තෙවන ස්ථානයටත් හිමිකම් කීහ.

ජවන සහ පිටිය තරග ඉසව් 124 ක් පැවැත්වූ අතර දින පහ තුළ තරග වාර්තා දහතුනක්ම බිඳ දැමීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

නව තරග වාර්තා මෙසේය.

1. මීටර 5000 21 පහළ බාලිකා - එච්. එම්. මිලීනා කුමාරි සෙනෙවිරත්න (ශ්‍රී රාහුල ජාතික පාසල කටුගස්තොට) විනාඩි 18 තත් 16.21

2. රිටි පැනීම 17 පහළ බාලිකා - හර්ෂණී සමුද්‍රා කුමාරි ධර්මරත්න (මලල ඒ රත්නායක ම.වි.) මීටර 3ට

3. මීටර 5000 19 පහළ බාලක - ඩබ්ලිව්. එම්. එම්. තරිඳු මධුෂාන් (ලුණුවත්ත ම.වි. වැලිමඩ) විනාඩි 15 තත් 27.1

4. මීටර 400 කඩුළු 19 පහල බාලක - ජේ. ලහිරු ප්‍රසන්ජිත් (තක්ෂිලා ම.වි. හොරණ) තත් 53.56

5. යගුලිය දැමීම 19 පහල බාලක - ඩී. සංජුන සුමනවීර (රෝයල් ජා. පාසල කොළඹ) මීටර් 14.86

6. රිටි පැනීම 19 පහල බාලිකා - අරින්ද්‍රවන් පවිත්‍රා (අරුණෝදය විද්‍යාලය යාපනය) මීටර් 3.01

7. මිටර් 100 x4 සහාය 17 පහල බාලක - කොළඹ නාලන්දා විද්‍යාලය තත් 43.78

8. රිටි පැනීම 21 පහල බාලිකා - ශන්මුගරාජා තනුජා (අරුණෝදය විද්‍යාලය යාපනය) මීටර් 3.11

9. මීටර් 400 කඩුළු 17 පහල බාලිකා - එම්. කුමාරි වීරසිංහ (වලල ඒ රත්නායක ම.වි.) තත්67.6

10. කවපෙත්ත විසි කිරීම 19 පහල බාලිකා - අමන්ති සිල්වා (සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය) මීටර් 39.46

11. රිටි පැනීම 19 පහල බාලක - එම්. එච්. ඉෂාර සඳරුවන් (වලල ඒ රත්නායක ම.වි.) මීටර 4.31

12. මීටර 100 21 පහල බාලිකා - එස්. ආර්. ජේ. පී. සේනානායක (සාන්ත ජෝසප් බාලිකා කෑගල්ල) තත්පර 12.30

13. මීටර 100x4 සහාය 15 පහල බාලිකා - සාන්ත ජෝසප් බාලිකා විදුහල කෑගල්ල විනාඩි 4 තත් 12.1

14‍.කිලෝමීටර 21.098 ක දුරකින් යුත් අර්ධ මැරතන් තරගයේ බාලක ශූරතාව පැය 01 විනාඩි 13 යි තත් 53 කින් තරගය නිම කල වැලිමඩ ලුණුවත්ත ම. විදුහලේ ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. තරිඳු මධුෂාන් ට හිමි විය. පැය 01 යි විනාඩි 27 තත්පර 55 කින් තරගය නිමා කරමින් පොල්පිතිගම ජාතික පාසලේ ඩී. එම්. මහේෂිකා මධුෂානි බාලිකා ශූරතාව හිමිකර ගත්තාය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]