යහපත් වැඩ කිරීමට උත්සාහ ගනිමු

යොච පුබ්බෙ පමජ්ජිත්වා
පච්ඡා සො න පපමජ්ජති
සො ඉමං ලොකං පභාසෙති
අබ්භා මුතේතාව චන්දිමා

‘යමෙක් මුලදී වැරදි කොට
පසුව එබඳු වැරදි නොකරයි නම්
ඔහු වලාකුළුවලින් මිදීගත්
සඳක් සේ ලොව බබළවන්නේය,’

විස්තර»


රට ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී භේද නොතකා ජනතා සේවයට කැපවීම රාජ්‍ය සේවකයාගේ යුතුකමකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 ඔක්තෝබර් 19 හම්බන්තොටදී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු සොරකම

ප්‍රධාන සැකකාර කන්ගැට්ටා මීගමුවේදී අත්අඩංගුවට

රටින් පනින්න සැලැසුම් කරලා

සැකකරු ළඟ සෙල්ෆෝන් 16ක්

තවත් සැකකරුවන් ළඟදීම කොටු කරගනී

කොළඹ ජාතික කෞතුකාගාරයේ මිල කළ නොහැකි කෞතුක වස්තු සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ ලංසගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් “කන් ගැට්ටා” රහස් පොලිසිය මඟින් මීගමුව ප්‍රදේශයේදී පෙරේදා (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»

අඩුපාඩු සහිත

පාසල් 460ක් සංවර්ධනයට රජයෙන් රුපියල් ලක්ෂ 2123ක්

දිගු කාලයක් නිසි අවධානයක් යොමු නොවූ අඩුපාඩු සහිත පාසල් 460ක කඩිනම් සංවර්ධනයක් ඇති කිරීමට රජය රුපියල් ලක්‍ෂ 2123ක මුදලක් ලබාදීමට තීරණය කොට ඇත.

විස්තර»

වැඩිහිටියන්ට සැලකීමේ උතුම් මානුෂීය ගුණාංගය යටපත් වී යන යුගයක එම ගුණාංගයේ වැදගත්කම සමාජයට කියා දෙමින් මාතලේ ආරණ්‍ය සේනාසනයේ මෙහෙණින්වහන්සේ වයස අවු. 100 ක් වන සිය වැඩිමහල් මෙහෙණින්වහන්සේ නමකට උපස්ථාන කරන අයුරු.

ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිපි ගොනුව බැගින් හදනවා

සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරීමේ පනත සම්මත වීමෙන් පසු සෑම පළාත් පාලන මන්ත්‍රීවරයකු සම්බන්ධව පුද්ගලික ලිපි ගොනුවක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවද එම පුද්ගලික ලිපි ගොනුවේ එම මන්ත්‍රීවරයාගේ සියලු තොරතුරු අන්තර්ගත කිරීමට පියවර ගන්නා බවද ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (27) පොළොන්නරුවේ පැවැති රැස්වීමකදී කියා සිටියේය.

විස්තර»

මානව හිමිකම් සමාලෝචන සැසියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් 99ක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන කාලීන විශ්ව සමාලෝචන සැසියේදී අදහස් දැක්වීම සඳහා ලෝකයේ රටවල් 99 ක් දැනටමත් ඉදිරිපත් වී සිටින බව රජය අවධාරණය කරයි.

විස්තර»

ඔස්ට්‍රේලියාවෙන් පිටමං කළ ශ්‍රී ලාංකිකයන් විශේෂ පොලිස් කණ්ඩායමක් යටතට

කුඩාවැල්ල මුහුදු තීරයේදී පැහැර ගැනීමට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවෙන් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 14 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතර විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත බාරදී තිබේ.

විස්තර»

ලක්ෂ 50ක හෙරොයින් සමඟ කෝටිපති පච්ච සංඛ අත්අඩංගුවට

යතුරුපැදි 20කින් පැමිණි ගෝලයෝ විශේෂ බළකා රථය වටලලා

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිිටි රාජගිරියේ කෝටිපති කුඩු ව්‍යාපාරික පච්ච සංඛ නැමැත්තා රුපියල් ලක්ෂ පනහක හෙරොයින් තොගයක්ද සමඟ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විස්තර»

ඉඹුල්ගොඩ අන්නාසි වෙ‍ෙළඳසල් වෙත
ජනපති හදිසියේ ගොඩවදී

අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ පැවැති උත්සව අවස්ථාවකට ඊයේ (28) සහභාගි වී ආපසු කොළඹ පැමිණෙමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ - නුවර මාර්ගයේ ඉඹුල්ගොඩ පිහිටි අන්නාසි වෙළෙඳසලකට ගොඩවැදී අන්නාසි කැබැල්ලක රස විඳි ආකාරය. නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා ද මෙහි සිටී. ඡායාරූපය - චන්දන පෙරේරා

විස්තර»

සද්ධා - ගැමුණු සීසෑ කවරක්කුලමේ වෙල් යායේ
ගොවිමැති - මහමැ’ති වප් මඟුලක අද එක හීයේ
නිමවා ඇති දිගු නියඟය අක් වැස්සෙන්     ඊයේ
පිහිටයි මගෙ රටට, රජරට රන්වැලි මහ     සෑයේ

ඡායාරූපය හා පදවැල අනුරාධපුර විශේෂ සරත් මනුලවික්‍රම

 

 
අතරමංව දෙස් පාලන වැලි කතරේ
ළංවී සිටිමි හංදිය වෙත විසි හතරේ
නායක පයින්ඩයෙ බලතල ඇති අතරේ
කප් එක ගහන්නෙමි දෙදහස් දහ හතරේ