ඉඹුල්ගොඩ අන්නාසි වෙ‍ෙළඳසල් වෙත ජනපති හදිසියේ ගොඩවදී

ඉඹුල්ගොඩ අන්නාසි වෙ‍ෙළඳසල් වෙත ජනපති හදිසියේ ගොඩවදී

අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ ඊයේ (28) පෙරවරුවේ පැවැති විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වී යළි කොළඹ බලා පැමිණෙමින් සිටින අතරවාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසියේම ඉඹුල්ගොඩ ප්‍රදේ්ශයේ දී අන්නාසි වෙළෙඳුන් හමුවීම සඳහා ද ගියේ ය.

කොළඹ – නුවර මහා මාර්ගයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ මඟ දෙපස පිහිටි වෙ‍ෙළඳසල්, අන්නාසි වෙ‍ෙළඳාම සඳහා දීර්ඝ කාලයක පටන් බොහෝ ප්‍රසිද්ධියක් උසුලනු ලබයි.

මෙම වෙ‍ෙළඳසල් කිහිපයක් වෙත ගිය ජනාධිපතිතුමා වෙළෙඳුන්ගෙන් මෙන්ම ප්‍රදේශවාසීන් සමඟ ද තොරතුරු කතා බස් කරමින්

ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදහස් විමසීය.

ඒ අතරතුර දී වෙළඳසල් හිමියන් විසින් පිරිනැමූ රසවත් අන්නාසි සංග්‍රහයක් ද ජනාධිපතිතුමා මහත් සතුටින් යුතුව භුක්ති විඳි අතර, ටික වේලාවක් ඔවුන් සමඟ සුහදව කතා බහ කරමින් කාලය ගත කළේය.

තම වෙළඳසල් වෙත නොසිතූ වෙලාවක පැමිණි ජනාධිපතිතුමා, තමන්ගේ අන්නාසි වෙළඳාම් කටයුතු සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා පවතින ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී ඉඹුල්ගොඩ අන්නාසි වෙළඳුන් ජනාධිපතිතුමාට සිය හදපිරි ස්තුතිය පිරිනැමූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා