ගැටුම් හැදුවට පලක් නෑ - ජනතාව ආණ්ඩුව සමඟයි

ගැටුම් හැදුවට පලක් නෑ - ජනතාව ආණ්ඩුව සමඟයි

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් නිර්මාණය කැර ඒ ඔස්සේ රජය අපහසුතාවට පත් කිරීමේ දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි.

ජනතාව රජය සමඟ සිටින තුරු මේ කුමන්ත්‍රණකාරීන්ට හිස එසවිය නොහැකි බව ද ඒ මහතා පවසයි.

ජාතික ආදායමෙන් 6%ක් අධ්‍යාපනය සඳහා රජය වෙන්කරද්දීත් එය වසන්කැර ව්‍යාජ සටන් පාඨ ඉදිරියට දමා අරාබි වසන්තය වැනි රැල්ලක් හරහා රජය අපහසුතාවට පත් කිරීමට මාන බැලූ පිරිස් එය ව්‍යර්ථ වූ පසු වෙනස් මුහුණුවරකින් යළි කරළියට පැමිණ ඇති බවත් ඒ මහතා කීය.

උඩුනුවර පැවති ජනහමුවක දී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙරට අධිකරණ පද්ධතිය දූෂිත තත්ත්වයට ඇද දැමූ හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දොස් පවරන බවත්, ඔහුට එසේ කියන්නට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් හෙතෙම කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා