නියඟයෙන් වැනසුණු කුඹුරු යළි අස්වද්දන්න බිත්තර වී

නියඟයෙන් වැනසුණු කුඹුරු යළි අස්වද්දන්න බිත්තර වී

පසුගිය නියඟය හේතුවෙන් උතුරු මැද පළාත් කුඹුරු අක්කර 2,32000ක් විනාශයට පත්ව ඇත.

ගොවිජන සේවා හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් එක්ව ක්ෂේත්‍රයේ සිදු කළ සමීක්ෂණයකින් පසු මෙම තොරතුරු හෙළි කර ගෙන ඇති බව ගොවිජන සේවා හා වනජීවි නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

එම කුඹුරු යළි අස්වැද්දීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ බිත්තර වී බුසල් 3,86000ක් ගොවීන්ට බෙදා දීමට කටයුතු යොදා ඇති බව හෙතෙම කීවේය.

මීට අමතරව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති ට්‍රැක්ටර් 300 න් 200ක් අනුරාධපුරයටත්, 100ක් පොළොන්නරුව දිස්ත්‍රිකයටත් කුඹුරු අස්වැද්දීමේ කටයුතු සඳහා යොදවා ඇති බව චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම සහන ලබා දීම ආරම්භ කර ඇති බව පැවසූ ඒ මහතා සියලු කටයුතු අධීක්ෂණයට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව ද පැවසී ය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා